Author: Paththare Digital


  • මෑකරල් රු. 200යි, රාබු රු. 280යි සහ කැරට් රු. 480යි: අද එළවලුවල මිල ගණන් මෙන්න.

    අද (15) නාරහේන්පිට ජාතික පොලේ එළවලු කිලෝවක සිල්ලර මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්👇🏻 කැරට් රු. 480.00 බෝංචි රු. 700.00 බීට් රු. 680.00 ලික්ස් රු. 700.00 ගෝවා රු. 320.00 තක්කාලි රු. 600.00 අමු මිරිස් රු. 400.00 මාලු මිරිස් රු. 600.00 වම්බටු රු. 600.00 වට්ටක්කා රු. 200.00 බන්ඩක්කා රු. 240.00 පතෝල රු. 320.00 රාබු රු. 280.00 වැටකොළු රු.…

  • රෝයල් පාක් ඝාතකයා අල්ලන්න සහාය ඉල්ලයි.

    රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. නීතිපතිවරයාගෙන්…

  • රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක්: පවිත්‍රා වන්නිආරච්චි කියයි.

    රටේ ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය යළි ශක්තිමත් කර ජනතාවට ජීවත් වීමේ වාතාවරණය ගොඩනැඟුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන කඳවුරු දෙකක වුවද එය පිළිගත යුතු බවයි ඒ මහත්මිය කියා සිටියේ. අමාත්‍යවරිය මේ බව කියා සිටියේ…

  • නිළියගේ ගණිකා ජාවාරම වැටලූ හැටි, අත්අඩංගුවට ගත් සුරූපිනියන්ගේ විස්තර එළියට.

    හිටපු ටෙලි නාට්‍ය නිළියක් විසින් පවත්වාගෙන ගිය ගණිකා ජාවාරම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. ඒ, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සිදු කරන විමර්ශනවලට අනුවයි. අදාළ ජංගම ගණිකා ජාවාරම මෙහෙයවා ඇත්තේ, කාමුක දර්ශනවලට පෙනී සිටි නිළියක් විසින්. කොළඹ තරු පන්තියේ ඇතැම් හෝටල්වලට සුපිරි නිවාස සංකීර්ණවලට සහ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි…

  • එංගලන්තයට කඩුලු 08ක විශිෂ්ට ජයක්. සුපිරි අට ගැන ඉහළ බලාපොරොත්තුවක්.

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔමානය සමඟ පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩයම සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 48ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 3.1ක් තුළ කඩුලු දෙකක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා. එහි දී ජෝස් බට්ලර් ලකුණු 24ක් සහ ෆිල් සෝල්ට් ලකුණු 12ක් රැස්කරගැනීමටයි සමත් වුණේ. මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තය…

  • බොරතෙල් මිල ඉහළට. ඩොලර් 80 සීමාව ඉක්මවලා.

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා තිබෙනවා . ඒ අනුව ඊයේ (13) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82 සීමාව ඉක්මවා තිබූ බවයි වාර්තා වන්නේ. එය මැයි මස අවසන් සතියෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස දැක්වෙනවා.

  • ජනමත විචාරණයක් ගැන රහස් සාකච්ඡා.

    ජනමත විචාරණයක් මගින් මැතිවරණ කල් දැමීමක් සම්බන්ධයෙන් රජයට සම්බන්ධ පාර්ශවයක් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වනවා. ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්ණයක් යොමුකර ජනමතයක් විමසිය හැකි බවයි එම සාකච්ඡාවලදී තීරණය වී ඇත්තේ. ජුලි මාසයේ දී ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

  • දැන් බෙහෙත් හිඟය අවසන් ද.? කාටද මේ බොරු කරන්නේ.?

    හියුමන් ඉමියුනෝ ග්ලොබින් කියන්නේ මිනිස් රුධිරය යොදාගෙන නිෂ්පාදනය කරන බෙහෙතක්. මේ බෙහෙත වැඩිපුරම දෙන්නේ ස්නායු ආබාධ ඇති රෝගීන්ට.ප්‍රශ්න මතු වුණේ එන්නත් ලෙස ගෙන්වපු හියුමන් ඉමියුකෝ ග්ලෝබින් තොගයක.මේ ඖෂධය භාවිතා කරපු රෝහල් කිහිපයක රෝගීන් ආසාත්මිකතාවලට ගොදුර වුණා. පසුව කළ පරීක්ෂණවලදී අනාවරණය වුණේ මේ ඖෂධය නියමිත ප්‍රමිතියට නොමැති බවයි. අපේ රටේ ඖෂධ හා වෛද්‍ය නියාමන බලය තියෙන…

  • යුක්‍රේන ජනපතිගේ උපන් ගමටත් රුසියාවෙන් ප්‍රහාර.

    යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිවි රිහ් නගරය වෙත රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ප්‍රහාරවලින් පුද්ගලයින් නව දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් සාමාන්‍ය වැසියන් බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

  • රන්ජන්ව නිදොස් කොට නිදහස් කරයි.

    මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කර තිබෙනවා. මහනුවර ප්‍රදේශයේ කාන්තවකට විවාහ පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට එම කාන්තාව විසින් පොලිසියට කරනු…