Author: Paththare Digital


  • දියතලාව අනතුර සිසුවූ හැටි හෙළිවේ.

    දියතලාව,ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලියේ දී අනතුර සිදුව ඇත්තේ සුබාරු ලෙගසි වර්ගයේ මෝටර් රථයක්නරඹන්නන් දෙසට පෙරළී යාමෙන් බවයි වාර්තා වන්නේ. මෙම අනතුරින් ජිවිතක්ෂයට පත් වු අය අතර වැලිමඩ ඩයරබා ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මිත්තණිය හා මිණිපිරිය ද වනබව හඳුනාගෙන තිබෙනවා. ෆොක්ස්හිල් ධාවන තරගයේ සංවිධායකයින් සිව්දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර සිටිනවා. ධාවනය…

  • කොළඹ මහල් නිවාස 50,000ක් ළගදීම ජනතා අයිතියට, වතු ජනතාවටත් සුභ බලාපොරොත්තුවක්.

    ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහනට සමගාමීව, කොළඹ මහල් නිවාස 50,000ක් ළගදීම ජනතා අයිතියට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බදුල්ලේදී අද (21දා) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා. මෙහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ, වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැගීම පිළිබඳවද රජයේ අවධානය යොමුව ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “වතුකරයේ ජනතාවගේ ජීවන…

  • දියතලාව මෝටර් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට.

    දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි. අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත. මියගිය පිරිස අතර ළමයෙකු ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර…

  • ෆොක්ස් හිල් මෝටර් රථ තරගාවලියේ අනතුරින් 5 දෙනෙක් මියයයි. 21ක් තුවාල.

    දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙන බවත් සඳහන්. අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

  • බදු අංකය ගැන ඇහෙන අලුත්ම ආරංචිය.

    2024 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වාර්තාවට අනුව හඳුන්වා දුන් බදු අංකය (TIN) ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල් දමා තිබෙනවා. ඒ, එම අංකය අංකය ලබා ගැනීමට මහජනතාවට යම් කාලයක් අවශ්‍ය බව රජයට අවබෝධ වී තිබීම හේතුවෙන්. ඒ අනුව අයදුම් කළ අය සඳහා අංක නිකුත් කරන බව සඳහන්. මීට පෙර බදු අංකය සඳහා අප්‍රේල් මස…

  • තිරුපති කෝවිලේ, ස්ථාවර තැන්පතුව කෝටි 18,817ක්, රන් තැන්පතුව කිලෝග්‍රෑම් 11,329ක්.

    ඉන්දියාවේ, ආන්ද්‍රා ප්‍රදේශයේ පිහිටා ඇති තිරුමාල තිරුපති කෝවිල විසින් රුපියල් කෝටි 1161ක මුදලක ස්ථාවර තැන්පතුවක් සිදු කර තිබෙනවා. එය පසුගිය වසර 12 තුළ සිදු කළ ඉහළමත තැන්පතුව බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. පසුගිය වසර 12 තුළ අඛණ්ඩව වසරින් වසර රුපියල් කෝටි 500ක් හෝ ඊට වැඩි ස්ථාවර තැන්පතු උපයමින් සිටින රටේ එකම හින්දු ආගමික ආයතනය…

  • ලෝකයෙන් ඇසෙන බය හිතෙන කතාවක්.

    චීනයේ ප්‍රධාන නගරවලින් අඩක්ම ගිලාබසිමින් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ. සයන්ස් නම් සඟරාව පළකළ මේ වාර්තාවට අනුව මෙලෙස ගිලී යන නගර අතරට බීජිං, ටියන්ජින් වැනි ප්‍රධාන නගර ද අයත්ය. එමෙන්ම අනාවරණ වී ඇත්තේ, එරට සමස්ත ජනගහනයෙන් සියයට 29ක්ම එනම් මිලියන 270ක්ම වාසය කරන්නේ වාර්ෂිකව මිලිමීටර් 3 කට වඩා ගිලා බසමින් පවතින නාගරික කලාපවල…

  • රුපියල් ලක්ෂ පහකට අධික ආරම්භක වැටුපක් දෙන තනතුරු දෙකක් පාර්ලිමේන්තුවට.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රුපියල් ලක්ෂ පහකට අධික අවම ආරම්භක මාසික දළ වැටුපක් හිමිවන නව තනතුරු දෙකක් සඳහා සුදුස්සන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසනවා. මෙසේ අයදුම්පත් කැඳවා ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය මූල්‍ය වගකීම් ඉටු කිරීමේදී පාර්ලිමේන්තුවට සහාය වීම සඳහා 2023 අංක 06 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනතට අනුව පිහිටුවා…

  • නාගදීප මගී යාත්‍රාවේ දරු ප්‍රසූතියක්.

    යාපනය නාගදීප ප්‍රදේශයේදී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටියදී මගී යාත්‍රාවක් තුලදී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වාර්තා වනවා, ගැබිනි මව ප්‍රසව වේදනාව හේතුවෙන් නාගදීප මූලික රෝහලට ඇතුලත් වීමෙන් පසුව එහි වෛද්‍යවරුන් ගැබිනි මව යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යා යුතු බවට දැනුම් දී තිබෙනවා, නාගදීපය සිට යාපනය ශික්ෂණ රෝහලට යාමටනම් නාගදීපය…

  • හරක් මරන පක්ෂ සංවිධායක මාට්ටු.

    පොළොන්නරුව දිවුලාන ප්‍රදේශයට මී ගව සොරකමට ආ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ඇතුළු සිව් දෙනෙකු, අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරනවා. මෙම සොරකමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළාත් පාලන අපේක්ෂකයා, පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් ඉදිරිපත්ව දැනට කොට්ඨාස සංවිධායකයකු ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ගල්ලෑල්ල තඹල ප්‍රදේශයේ…