Sat. May 4th, 2024

ඉන්දියාවේ, ආන්ද්‍රා ප්‍රදේශයේ පිහිටා ඇති තිරුමාල තිරුපති කෝවිල විසින් රුපියල් කෝටි 1161ක මුදලක ස්ථාවර තැන්පතුවක් සිදු කර තිබෙනවා.

එය පසුගිය වසර 12 තුළ සිදු කළ ඉහළමත තැන්පතුව බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පසුගිය වසර 12 තුළ අඛණ්ඩව වසරින් වසර රුපියල් කෝටි 500ක් හෝ ඊට වැඩි ස්ථාවර තැන්පතු උපයමින් සිටින රටේ එකම හින්දු ආගමික ආයතනය මෙය වන බව සඳහන්.

2012 වන තෙක්, තිරුපදි හි සමුච්චිත ස්ථාවර තැන්පතුව රුපියල් කෝටි 4,820 ක් ලෙස පැවැතියා.

තිරුපති භාරය 2013 සිට 2024 දක්වා රුපියල් කෝටි 8,467ක මුදලක් රැස් කර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය සිදු වූ කාලයේ දී තිරුපති භාරයේ ස්ථාවර තැන්පතුව කෝටි 500 සීමාවට වඩා අඩු වුණා.

එය එම කෝවිලේ ස්ථාවර තැන්පතුව රුපියල් කෝටි 500ට අඩු වූ එකම අවස්ථාවයි.

සමස්තයක් වශයෙන්, 2024 අප්‍රේල් වන විට, තිරුපති භාරයේ බැංකු සහ එහි බොහෝ භාරවල මුදල් ශේෂය රුපියල් කෝටි 18817 ක්.

එය ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වනවා.

වාර්ෂිකව තිරුපති භාරය එහි ස්ථාවර තුන්පතුවලින් පොලිය ලෙස රුපියල් කෝටි 1600 ක මුදලක් උපයන බවයි, ඉන්දිය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

තිරුපති භාරය විසින් කිලෝග්‍රෑම් 1031ක රන් තැන්පතුවක් තබා ඇති අතර එම ඒ අනුව එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 11,329ක් දක්වා ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන්.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *