Author: Paththare Digital


  • උණුසුම් තත්ත්වය ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.

    උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණු, සබරගමුව යන පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඉදිරි පැය 24 දක්වා එම නිවේදනය බලපැවැත්වේ. ඉහත සඳහන් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ අංශ අපේක්ෂා කෙරේ.

  • දකුණට හෙට ශෝක දිනයක්.

    අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය රොනීද මැල් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම හේතුවෙන් හෙට (01) දකුණු පළාත සඳහා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව දකුණු පළාත තුළ පිහිටි සියලුම රාජ්‍ය ආයතනවල හෙට දිනයේ ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසට ඉල්ලීමක් ද සිදුකළේය. 1977 වර්ෂයේදී දෙවිනුවර ආසනයෙන්…

  • ඊශ්‍රායල හමුදා හමාස් නායකයා වෙත ලගා වෙයි

    ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ආරම්භ වුණු යුද්ධයේ මේ ගත වෙමින් තිබෙන්නේ 143 වන දිනයයි.  තමන්ගේ හමුදා මෙහෙයුමේ අවසානය වෙත ලගා වී සිටින ඊශ්‍රායල ආරක්ෂක අංශයේ මීලග ඉලක්කය බවට පත් වී තිබෙන්නේ හමාස් ත්‍රස්තවාදී කල්ලියේ නායකයා වන යහ්යා සින්වර් ඝාතනය කිරීමයි. මේ වන තුරුම ඊශ්‍රායල ආරක්ෂක අංශ විස්වාස කරන්නේ ඔහු ඛාන් යුනිස් නගරයේ භූගත උමගක…

  • ඉන්ධන මිලට සහනයක්.

    ඉන්ධන මිල සුත්‍රයට ඉදිරියේ දී සහනයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. මිල සුත්‍රය තුළ රජයට ලැබෙන 4%ක් වූ ලාභංශය අඩුකර ජනතාවට එම සහනය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඔහ ඒ බව පවසා සිටියේ දෙරණ 360 වැඩසටහනට එක්වෙමින්,    “සියයට බිංදුවේ සිට 4 දක්වා වූ ලාභාංෂය අඩුකර වියදම් විතරක්…

  • 2500 වතාවක් මනමාලිට ඇන්දා දැන් බඳින්නයි කල්පනාව.

    සුන්දර මනාලියක් විදිහට හැඩගැන්විලා ලස්සන විවාහ මංගල උත්සවයක් ගැනීම බොහෝ ගැහැනු ළමයින්ගේ හිතේ තියෙන සුන්දර සිහින අතරින් එකක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. තවත් විදිහකට කියනවා නම් බොහෝ යුවතියන් සුන්දර මනාලියක් වෙන දවස එනකම් ඇඟිලි ගනිමින් බලාගෙන ඉන්නවා. ඉතින් අද අපි කියන්න යන්නේත් සුරූපී මනාලියක් ගැන කතාවක්. හැබැයි මේ කතාව අනික් කතාවලට වඩා ටිකක් වෙනස්.…

  • ඇපල් ගෙඩියක මිල වැඩිම රටවල් අතර ලංකාව දෙවන තැනට පත් වෙයි.

    ඇපල් ගෙඩියක් සදහා වැඩිම මිලක් ගෙවනු ලබන්නේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් ප්‍රාන්තයයි. නිව් යෝර්ක් ප්‍රාන්තයේ ඇපල් කිලෝවක් අලෙවි වන්නේ ඇමරිකානු ඩොලර් 7.05 ක මිලකට ය. ඇපල් කිලෝවක් සදහා දෙවනුවට වැඩිම මිලක් ගෙවනු ලබන්නේ ලංකාවේ ඇපල් පාරිභෝගිකයන් ය. ලංකාවේ ඇපල් කිලෝවක් අලෙවිවන මිල ඩොලර් 7.04 කි. දිල්ලියේ ඇපල් කිලෝවක් ඩොලර් 2.01 කි. මෙම දත්ත වාර්තා කර තිබෙන්නේ…

  • මාස 5 බබා කාමරේ දමා, 21 හැවිරිදි තරුණ යුවල පැන යයි.

    ලයින් කාමරක තාවකාලිකව පදිංචියට පැමිණි 21 හැවිරිදි තරුණ යුවලක් විසින් තම මාස පහක කුඩා දරුවෙකු ලයින් කාමරයක දමා පළා ගොස් ඇතැයි වාර්තා වෙනවා. මොවුන් පසුගිය 22 වැනි දින වතු නිවාස පේලියේ පදිංචි පුද්ගලයෙකු අමතා තමන් විදේශ ගතවන බැවින් කාමරයේ සිටින පිරිමි දරුවා කාටහෝ දී රැකබලා ගැනීමට කටයුතු කරන ලෙස පවසා තිබෙනවා. එසේ පවසා දරුවාගේ මව…

  • වසර 2ක් තුළ හෙද හෙදියන් 2,528ක් සේවය ඇහැර ගිහින්.

    පසුගිය වසර දෙක තුළ 2,528 දෙනෙකු හෙද සේවයෙන් ඉවත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එහි සභාපති රවින්ද්‍ර කහඳවආරච්චී පැවසු‌වේ ඒ හේතුවෙන් ඉදිරියේදී දැඩි අර්බුදයක් ඇති විය හැකි බවයි. මෙලෙස සේවයෙන් ඉවත් වූ හෙද හෙදියන් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

  • රට පුරා හමුවන නාඳුනන සිරුරු.

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු 04ක් හමු ව ඇති අතර එම මළ සිරුරු කුරුවිට, පෑලියගොඩ, මාරවිල සහ රාගම යන පොලිස් වසම්වලින් හමු ව ඇති බව පොලීසිය පවසයි. කුරුවිට පොලිස් වසමේ පිංවල ප්‍රදේශයේ කුරු ගඟේ නිරුවත් මෘත ශරීරයක් තිබී සොයාගෙන ඇත. එම මළ සිරුර මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර, එය වයස අවුරුදු 35ත් 40ත්…

  • ජනාධිපතිවරණය ද..? මහ ඡන්දය ද..?

    පවතින දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ බොහෝ මැති ඇමතිවරුන් මේ වන විට දේශපාලන සන්ධාන සමඟින් සාකච්ඡා ආරම්භ කර තිබේ. මැතිවරණය පවත්වන්නේ ද නැද්ද එසේත් නොමැති නම්, ප්‍රථමයෙන් පවත්වන්නේ කුමන මැතිවරණය ද යන්න මේ දක්වාත් නිශ්චිත තත්ත්වයකට එළැඹීමට කිසිවකුට නොහැකි ව ඇත. ඊට හේතුව වී ඇත්තේ, මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ දක්වාත් නිල ප්‍රකාශයක් සිදු නොකිරීමයි. කෙසේ වෙතත් අවස්ථා…