Author: Paththare Digital


  • ක්ලබ් වසන්ත ඝාතනයට ප්‍රබලයෙක් අත්අඩංගවට, ඒ අතරේ පොලීසියටත් දැඩි අවවාද.

    සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සම්බන්ධයෙන්සැකපිට තවත් දෙදෙනෙක් ඊයේ (12) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වෙඩි තැබීමේ සිදුවීමේ මහ මොළකරු ලෙස හැඳින්වෙන ඩුබායි රටේ රැඳී සිටින සංජීව පුශ්පකුමාර නොහොත් ලොකු පැටීගේ මස්සිනා ඇතුළු තරුණයන් දෙදෙනෙකු බවයි පැවසෙන්නේ. පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සිටියදී…

  • දුම් දාන වාහන දැක්කොත් බ්ලැක්ලිස්ට් කරන්න තීරණය කරයි.

    අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බවය. වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින්…

  • රියදුරන්ට වැදගත් පණිවුඩයක්.

    මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළා. මාර්ග ආශ්‍රිත වේග…

  • ක්ලබ් වසන්ත‌ගේ දේහය තබාගත් මල් ශාලා හිමිකරුට ඇමතුමක්.

    අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් මිය ගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය අද (12) බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, මහජන ප්‍රදර්ශනය සහ විදේශගතව සිටින සමීප ඥාතීන්ගේ කීපදෙනකු මෙරටට පැමිණීමට නියමිතව තිබීම හේතුවෙන්. ඉන් අනතුරුව හෙට (13) පස්වරු පහට දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට…

  • Hello world!

    Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!

  • බඩ අඩු කරන අලුත්ම මැජික් එක.

    ස්ථුලතාවයකින් පෙලුනත් නැතත්, උදරය ඉදිරියට නෙරා ඒමේ තත්ත්වයෙන් බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. එයින් වැළකීමට නිරන්තර ව්‍යායාම කිරීම, ආහාර පාලනය වැනි දේ අනුගමනය කළත්, උදරය ඉදිරියට නෙරා ඒම වළක්වා ගත නොහැකි යැයි බොහෝ දෙනා මැසිවිලි නගනවා. රාත්‍රි ආහාර ප්‍රමාණය අඩු කිරීම, මස් කෑමෙන් වැළකීම, බියර් ආදිය පානයෙන් සම්පූර්ණයෙන්ම වැළකීම, නිරන්තරයෙන් ජිම් එකටම වී සිටීමෙන් පමණක්ම බඩ…

  • පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

    පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන්ව ඇති බවයි. කිලෝ මීටර් 630ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය වාර්තා වී ඇති අතර ඉන් ගොඩ බිමට හානිය අවම බව පැවසෙයි. නමුත් පසු කම්පන සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස දූපත් වාසීන්ගෙන් බලධාරීන් ඉල්ලා ඇති බවද විදෙස්…

  • රටින් එන මීහරක්.

    මෙරට එළදෙනුන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණය අඩු බැවින්, දිනකට වැඩි කිරි ප්‍රමාණයක් ලබාගත හැකි එළ, මී ගවයන් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙරට සිටින මී සහ එළ ගවයකුගෙන් දිනකට ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 10ක් දක්වා අඩුවී ඇතැයි ද එම අමාත්‍යාංශය කියයි. මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ…

  • විදුලිබිලේ අවසන් තීරණයට දිනයක් දෙයි.

    විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ මහජන අදහස් විශ්ලේෂණයෙන් අනතුරුව ජූලි 15 වැනිදා ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන උපයොගීතා කොමිසම පවසයි. එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන කළේ, පෙර ලියාපදිංචි වූ විවිධ ක්ෂ්ත්‍ර නියෝජනය කරන නියොජිතයින් 46 දෙනෙකුගෙන් අදහස් ලබාගත් බවය. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේදී සිදුකරන විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජන…

  • වර්ජනය නිසා ලියුම් ලක්ෂ 2ක් හිරවෙයි.

    තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් සිර වී තිබෙන බව තැපැල් වෘත්තීය සමිතිය ප්‍රකාශ කළේය. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතියේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 07ක පමණ ප්‍රමාණයක් සිරවී තිබෙන බවයි.