Author: Paththare Digital


  • මගීන්ට දැනුම්දීමක් – දුම්රිය ගමන් රැසක් නවතී.

    උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් කොටුවේ සිට මීගමුවට සහ වේයන්ගොඩට දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර පොල්ගහවෙල සිට කොටුවට දුම්රිය දෙකක්ද, ගාල්ල සිට කොටුවට දුම්රිය තුනක්ද , අලුත්ගම…

  • ක්ලබ් වසන්ත ඝා#තනයේ හෙළි වන අලුත්ම රහස්

    සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඊයේ (08) උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට…

  • ක්ලබ් වසන්තගේ බිරිඳ සතුව තිබූ ගිනිඅවිය ගැනත් තොරතුරු.

    අතුරුගිරිය වෙඩි තැබීමේදී වෙඩිවැදී රෝහල්ගත කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ සන්තකයේ තිබුණු ගිනිඅවිය නීත්‍යානුකූල නොවන ගිනිඅවියක් බව අනාවරණය වී තිබේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව ප්‍රකාශ කළේය. මිරිහාන පොලිසි ස්ථානයේ ඉදි කෙරුණු ළමා හා කාන්තා කාර්යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාද කියා සිටියේ…

  • 8 සහ 9 වැඩට ආපු අයට පඩි වැඩි කෙරේ.

    විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අද (09) කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මෙම අවස්ථාව හිමිවන්නේ 2024 ජුලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ අයට ය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය…

  • අතුරුගිරිය සිද්දියේ මේ වනවිට තත්වය මෙන්න.

    අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අතුරුගිරිය පොලීසිය විසින් අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය. වෙඩි තැබීම සිදුවූ අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්ය. අතුරුගිරිය ප්‍රදේශයේ…

  • කේ. සුජීවාගේ තත්ත්වය ගැන අලුත්ම ආරංචිය.

    අතුරුගිරියේ වෙඩි තැබීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ දෙදෙනා මේ වනවිට දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් මහතා පවසයි. හදිසි අනතුරු අංශයට කාන්තාවක් හා පිරිමි අයෙකු ඇතුළත් කර තිබූ අතර ඔවුන් දෙදෙනාගේම ඉනෙන් පහළට තුවාල සිදුව ඇතැයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කාන්තාවගේ කකුළේ තුවාලය බරපතළ…

  • අතුරුගිරියේ වෙඩිතැබීමක් – ක්ලබ් වසන්ත අවසන් ගමනේ.

    අතුරුගිරිය ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් ජනප්‍රිය ගායිකා කේ. සූජීවාගේ පාදයකට බරපතල හානි සිදුව ඇති බව පොලිසිය පවසයි. ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලට රැගෙන විත් තිබේ. තැබීම අද උදෑසන 10.55ට පමණ අතුරුගිරිය නගරය ආසන්නයේ ටැටූ කෙටීමේ ස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. එම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන වසන්ත…

  • හිරුණිකාගේ ඇප ඉල්ලීමට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුව.

    බරපතළ වැඩසහිතව වසර තුනක සිර දඬුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නා. මෙම ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදී සලකා බලනු ලැබුවා. එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම ඉල්ලීමට…

  • අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට.

    මහබාගේ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. පැමිණිලිකරු විසින් ලබාදී ඇති අගරු චෙක්පත් 2කට අදාළව මහබාගේ පොලිස් ස්ථානයේ කර ඇති පැමිණිල්ල විභාග කර, ඉතිරි මුදල මාසික වාරික ලෙස ගෙවීමට ඉඩ සලසා දිමට…

  • ඇතැම් ප්‍රදේශවලට අද ගිගුරුම් සහිත වැසි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. වයඹ පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.…