Author: Paththare ital
-
අලුත් අවුරුද්දේ අදත් චාරිත්‍ර දෙකක්.
සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක (11) අදට යෙදී තිබෙනවා. නව සඳ බැලීමේ චාරිත්‍රය සහ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය මෙලෙස අදට යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන්. ඒ අනුව පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු වනවා.
-
ලොරියකට පොලිසියෙන් වෙඩි – අයෙක් රෝහලට. දෙන්නෙක් අතුරුදන්.
කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබෙනවා. පොලීසිය පැවසුවේ, ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි තබා ඇති බවයි. අද (11) අලුයම 4.30ට පමණ කනංකේ රජමහා විහාරය අසල ප්‍රදේශයේදී ගවයෙක් ලොරි රථයකට පටවනු නිරීක්ෂණය කළ රාත්‍රී ජංගම සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් දොලේලියද්ද ප්‍රදේශයේදී එම ලොරි රථය නැවැත්වීම…
-
කමිඳු මෙන්ඩිස් ස්ථාන 18ක් පසු කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 18ක් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්ව තිබෙනවා. ඒ අනුව මේ වන විට කමිඳු 46 වැනි ස්ථානයට පත්ව සිටිනවා. බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ශතක දෙකක් (102 හා 164) රැස් කරමින් පළමු වරට ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල මුල් 100…
-
ශ්‍රීලංකන් ගුවන් සේවය නවීනතම උපකරණ භාවිතයෙන් ගුවන් තොටුපළ බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කරයි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම බිම්ගත මෙහෙයුම් සම්පාදක සමාගම (Ground Operator) වන ශ්‍රීලංකන් ගුවන් සේවය, නවීනතම උපකරණ භාවිතයෙන් බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා සහ මගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා, වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත. මේ යටතේ පසුගියදා, මගී පර්යන්ත සහ ගුවන් යානා…
-
ජපානයෙන් ශ්‍රී ලංකාවට අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක්.
ජපානයේ ප්‍රදානයක් ලෙස අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක් මෙරටට ලබාදී තිබේ. කටුනායක ගුවන්තොටුපොලේ මෙහෙයුම් සහ කොළඹ වරායේ මෙහෙයුම් සඳහා මෙලෙස අමෙරිකානු ඩොලර් මිලියන 8.4ක ප්‍රදානයක් හිමවී ඇත. විදේශිකයන් මගින් මෙරටට පැමිණෙන වසංගත, බෝවන රෝග වැනි මහජන සෞඛ්‍යයට අහිතකර රෝග තත්ත්වයන් නිරීක්ෂණය කිරීම මින් සිදුකෙරේ. මෙම ව්‍යාපෘතිය යටතේ රෝග නිශ්චය කරනු ලබන ස්කෑන් යන්ත්‍රවලට අමතරව ගමන්…
-
හෙට මුහුදු ප්‍රදේශ වල ජනතාව අවධානයෙන්
හෙට, එනම් 11 වන දින කාලගුණයේ යම් වෙනසක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා..ඔවුන් කල විශේෂ දැනුම් දීම මෙන්න..
-
පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්.
මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වනවා. පළමු පාසල් වාරයේ දෙවන අදියර 24වන දින ආරම්භ වීමට නියමිතයි. මුස්ලිම් පාසල් සඳහා දෙවන අදියර 17වන බදාද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා
-
නිදහස් පක්ෂයේ ගේට්ටුවට ඉබි යතුරු දෙකක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පාර්ශ්වය විසින් ඉබි යතුරු දමා දැනට වසා දමා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ වැඩ බලන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා පැමිණ ඊයේ (09) තවත් ඉබි යතුරක් දැමීමට කටයුතු කළා. ඒ අනුව මෙම පාර්ශ්ව දෙකම නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි පාරේ…
-
අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට සමාව.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව එලෙස ජනාධිපති සමාව ප්‍රදානය කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
-
ජනපති අපේක්ෂක ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළට.
පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණය සඳහා මෙතෙක් ඉදිරිපත් වූ අපේක්ෂකයකු තැන්පත් කරන ලද රුපියල් පනස්දහසක ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇත. මැතිවරණවලට අදාළ ඇප මුදල් සම්බන්ධ නෛතික ප්‍රතිපාදන වසර හතළිහකින් සංශෝධනය නොවීම, රුපියල අවප්‍රමාණය වීම වැනි කාරණා නිසා මීට දශක හතරකට පෙර යොදාගත් ඇප මුදල් වර්තමානයට ප්‍රායෝගික නොවීම මත ඒවා සංශෝධනය…
