ලොරියකට පොලිසියෙන් වෙඩි – අයෙක් රෝහලට. දෙන්නෙක් අතුරුදන්.

කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි තබා ඇති බවයි.

අද (11) අලුයම 4.30ට පමණ කනංකේ රජමහා විහාරය අසල ප්‍රදේශයේදී ගවයෙක් ලොරි රථයකට පටවනු නිරීක්ෂණය කළ රාත්‍රී ජංගම සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් දොලේලියද්ද ප්‍රදේශයේදී එම ලොරි රථය නැවැත්වීම සඳහා නියෝග කර ඇති අතර ලොරි රථය නොනවත්වා ධාවනය කිරීම නිසා පොලිස් නිලධරීන් රථයට වෙඩි තබා තිබෙනවා.

එහිදී ලොරි රථයේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ගින්තොට, මාපුගල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නම් පුද්ගලයෙකි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *