Home Blog Page 17

අතුරුගිරියේ වෙඩිතැබීමක් – ක්ලබ් වසන්ත අවසන් ගමනේ.

අතුරුගිරිය ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් ජනප්‍රිය ගායිකා කේ. සූජීවාගේ පාදයකට බරපතල හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලට රැගෙන විත් තිබේ.

තැබීම අද උදෑසන 10.55ට පමණ අතුරුගිරිය නගරය ආසන්නයේ ටැටූ කෙටීමේ ස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

එම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන වසන්ත සුරේන්්ද්‍ර පෙරේරා හෙවත්, ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කේ. සුජීවා ඇතුළු තවත් පස්දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

හිරුණිකාගේ ඇප ඉල්ලීමට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුව.

බරපතළ වැඩසහිතව වසර තුනක සිර දඬුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

මෙම ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදී සලකා බලනු ලැබුවා.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බව හා එම විරෝධතා ලිඛිතව ගොනු කිරීම සඳහා කල්ලබා දෙන ලෙසයි.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප ඉල්ලීම යළි ලබන 11 වනදා කැඳවන ලෙසටත් නියෝග කළා.

යුක්තිය අලුත් වෙයි.

අද (04) සිට යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් ආරම්භ කරන බව පොලීසිය පවසයි.

මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

අද දිනයේ කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර ඉදිරියේ දී මුළු දිවයිනම ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරෙන බව නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට.

මහබාගේ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පැමිණිලිකරු විසින් ලබාදී ඇති අගරු චෙක්පත් 2කට අදාළව මහබාගේ පොලිස් ස්ථානයේ කර ඇති පැමිණිල්ල විභාග කර, ඉතිරි මුදල මාසික වාරික ලෙස ගෙවීමට ඉඩ සලසා දිමට හා පැමිණිලිකරු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රු 25,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මතයි අදාළ පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට පත්ව තිබෙන්නේ.

ඊයේ (03) සවස වැලිසර ආර්ථිකයට ගමන් කරන මාර්ගයේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ නිලධාරියාව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇතැම් ප්‍රදේශවලට අද ගිගුරුම් සහිත වැසි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

වයඹ පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

67වන මහලෙන් ඇදවැටී මිය සිසුන් දෙදෙනා ගැන හෙළිවුණු නවතම අනාවරණය.

කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක සිසුවෙකු සහ සිසුවියක් ඊයේ (02) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් මේ වනවිට CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමට ආරම්භ කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙය සියදිවි නසාගැනීමක් බවට සැකපළ කරන බවයි.

ජීවිතක්ෂයට පත්වූ සිසුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමිනුයි සිට ඇත්තේ.

මියගිය සිසුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිසුවිය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් පැවති බවයි.

ඊයේ (02) පාසල අවසන් වී සිසුවිය සහ සිසුවා සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානය වෙත පැමිණ තිබෙනවා

එහිදී ඔවුන් ඇඳුම් මාරුකර, පාවහන් ගලවා ඔවුන්ගේ බෑගයන් ද එම මධ්‍යස්ථානය තුළ තබා 67 වැනි මහලට ගොස් ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයට පිටතින් ඇති තරප්පු පෙළ ඔස්සේයි.

අනතුරුව ඔවුන් එම මහලෙන් බිමට පැන සියදිවි නසාගන්නට ඇති බවටයි පොලීසිය සැකපළ කරන්නේ.

ඔවුන්ගේ සිරුරු මහල් 70කින් යුත් එම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ ඇති වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදී හමුව තිබෙනවා.

පියුමිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන ගැනත් විමර්ශන.

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම එම ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මීට අමතරව ඇය විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරය කටයුතු ආදායම් බදු ගෙවීම් සහ ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් ද එම පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද සඳහන් වනවා.