Home Blog Page 231

පැය 3ක විදුලි කප්පාදුවකට සූදානම්..?

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම හේතුවෙන් අගෝස්තු මස 16 වනදා වන විට සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම ඇනහිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (08) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ මේ තත්ත්වයෙන් මිදීමට විකල්ප විදුලිය මිල දී ගැනීමකට යා නොහැකි දිස්ත්‍රික්ක කිහිපයකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බවය.

“අගෝස්තු මස 16 වනදා වෙද්දි සමනල වැව ජලාශයෙන් විදුලි උත්පාදනය සම්පුර්ණයෙන්ම ඇනහිටිනවා. ඒක සම්පුර්ණයෙන් ඇනහිටුනාම අපිට විකල්ප විදුලිය මිලදී ගැනීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මාතර දිස්ත්‍රික්කය, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් යන්න වෙනවා. ඒ විදුලිය මිලදී ගැනීමක් සිදුකළේ නැත්නම්. දවල් කාලයේ පැයයි රාත්‍රී කාලයේ පැය දෙකයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරා අපිට විදුලිය කප්පාදු කරන්න බෑ. පහුගිය මාර්තු මාසයේදීත් ඉල්ලීමක් කරලා තිබුණා මාස තුනකට හතරකට සමහරවිට අපිට අවශ්‍ය වෙයි කියලා. ඒ අනුමැතියම හෝ පාවිච්චි කරලා අපිට විදුලිය මිලදී ගන්න අවශ්‍ය වෙයි. ඒ විදුලිය මිලදී ගන්නවා නම් අපිට තියෙන්නේ දකුණු පළාතට සම්බන්ධ කරන්න පුළුවන් බලාගාර තුනයි. මේ තුනෙන් අපිට කැඳවීම් කරන්න වෙනවා. අපේ පැත්තෙන් වතුර නිදහස් කරන්නේ නැත්නම් විදුලි උත්පාදනයට කිසිම ගැටලුවක් නෑ. වතුර නිදහස් කරන නිසා අගෝස්තු 15 සිට සහතික කරන්න අඛණ්ඩ විදුලිබල සැපයුමක් තියන්න විදුලිය මිලදී ගැනීමක් කරන්න වෙනවා. ඒක ප්‍රසම්පාදනය තුළ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ආඥාවක්..

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඒ පිළිබඳව දැනුම්දීමක් කළා..

කඳාන ප්‍රදේශයේ ඇතිවූ ගින්නේ අලුත්ම තත්වය මෙන්න..

කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයකට අයත් ගබඩාවක අද (08) උදෑසන හටගත් ගිනෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.පුද්ගලයා මිය ගිය හැටි සහ ඔහු ගැන තොරතුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.වැඩි විස්තර වීඩියෝව තුලින්..

කඳාන ප්‍රදේශයේ ගින්නක්

කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක අද (08) උදෑසන ගින්නක් හටගෙන තිබේ.එම ස්ථානයේ අලුත්ම තත්වය මෙන්න.

ඉගෙන ගන්න සල්ලි හොයන්න උසස් අධ්‍යාපනය ලබන සිසුවියෝ 14ක් කරපු වැඩේ.

උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.

තරුණියන් සමඟ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි.

කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන් දින හතු පිපෙන්නාක් මෙන් බිහිවන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතා ට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා පැවසුවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් සැරයන් 1445 බටුවත්ත, පොලිස් කොස්තාපල්වරුන් වන 77090 බාලසූරිය, 31867 රාජගුරු, 92896 අකිල යන නිලධාරීන් තරුණියන් මිලදී ගන්නා පුද්ගලයන් සේ වෙස් වලාගෙන තරුණියන් විකුණන මධ්‍යස්ථාන හතරක් වෙත ගොස් ඉතා සූක්ෂ්ම අයුරින් ලබා දුන් රහසිගත සංඥාවක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.

එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා උපයා ගැනීමේ අරමුණින් අකැමැත්තෙන් වුණත් මෙම රැකියාව තෝරා ගත් බව හඬා වැටෙමින් පැවසී යැයි වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

වයස අවුරුදු 20 හා 30 අතර පසුවන අත්අඩංගුවට ගත් තරුණියන් කොළඹින් දුර බැහැර ප්‍රදේශවල අය බවත් කොළඹ ප්‍රධාන පෙළේ ආයතනෙවල උසස් රැකියාවල නිරත වන බවට තමන් මව්පියන්ට හා ඥාතීන් පවසා තිබීම හේතුවෙන් මේ බව නිවෙස්වලට නොදන්වන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටි බවත් එම නිලධාරියා සඳහන් කළා.

ප්ලාස්ටික් මල්මාලා, හැඳි, ගෑරුප්පු, බීම බට හා ඉඳිආප්ප තට්ටු තව සති දෙකකින් තහනම්. අලුත්ම වැඩේ මෙන්න.

ප්ලාස්ටික් අයිතම කිහිපයක් භාවිතය තහනම් කිරීමට ඉදිරි සති දෙක තුළදී පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශය පවසයි. ප්ලාස්ටික් මල්මාලා, එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු වැනි අයිතම කිහිපයක් මෙලෙස භාවිතය තහනම් කෙරේ.

‘ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා මේ බව සඳහන් කළේය.

19 හැවිරිදි පෙම්වතියගේ 54 හැවිරිදි පෙම්වතාට කරපු හරියක්.

යාපනය,චුන්නාකම් ප්‍රදේශයේදී පිරිසක් විසින් පහරදි 54 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ(07) ඝාතනය කොට ඇති බව චුන්නාකම් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ මියගිය පුද්ගලයා ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, දින කිහිපයකට පෙර අදාළ පුද්ගලයා 19 හැවිරිදි පෙම්වතිය රැගෙන වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවයි.

එලෙස පෙම්වතිය රැගෙන ගොස් නැවත අදාළ පුද්ගලයා චුන්නාකම් ප්‍රදේශයට පැමිණ ඇති අතර, එහිදි තරුණියගේ ඥාතීන් විසින් අදාළ පුද්ගලයාට හා තරුණියට පහරදි ඇති බව පොලිසිය අනාවරණය කොටගෙන ඇත.

පහරකෑමෙන් තුවාල ලැබු පුද්ගලයා යාපනය,තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි අදාළ පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පැවසූහ.

ඥාතීන්ගේ පහරකෑමෙන් 19 හැවිරිදි තරුණියද තුවාල ලබා රෝහල්ගතකොට ඇති බවද පොලිසිය සඳහන් කළහ.

මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ තෙලිප්පලෙයි රෝහල් මෘත ශරීරාගාරයේදී අද(08) පැවැත්වීමට නියමිතය.

මියගිය පුද්ගලයා මීට පෙර විවාහකයෙකු වන අතර, තිදරු පියෙකු වන බවද පොලිසිය කීය.

පහරදීම සිදුකළ පිරිස අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

“ගමේ යනවා කියලා ගෙදරින් පිටවෙලා ගියා..”තවත් මවක් සහ දියණියක් අතුරුදන්

තවත් මවක් සහ දියණියක් අතුරුදන්ව තිබෙනවා.හැමෝටම අභිරහසක් ඉතිරි කරමින් මේ මව සහ දියණිය ගැන මේ වන විට පොලිස්සිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා..