Home Blog Page 28

වාහන බලපත්‍රය නිසා සජබ බෙදිලා.

තීරු බදු රහිතව වාහන බලපත්‍රය ලබා ගැනීමට සමගි ජන බලවේගයේ ඇතැම් නායකයින් මන්ත්‍රීවරුන් දිරිමත් කරද්දි තවත් නායකයින් එය ලබා නොගන්නා ලෙසට බල කිරීම හේතුවෙන් එම පක්ෂය තුල දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වෙනවා.

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක එම වාහන බලපත්‍රය ලබාගතහොත් සමගි ජන බලවේගයේ ඡන්ද පදනමට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයිද ඒ හේතුවෙන් වාහන බලපත්‍රය ලබා නොගන්නා ලෙසට මන්ත්‍රීවරුන්ට බලපෑම් කරනු ලබන නායකයින් පෙන්වා දෙන බවත් සඳහන්.

තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාකාච්ඡා කෙරුණු අවස්ථාවේදීද රටේ ආර්ථික ප්‍රශ්ණය උග්‍රවී ඇති මේ මොහොතේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබාදීමට විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ එක් නායකයෙකු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කරන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දෙමින් කටයුතු කරන බවත් මේ හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ මේ සම්බන්දව දැඩි මතභේදාත්මක තත්ත්වක් නිර්මාණය වෙමින් පවතින බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

රවී සහ ශානි ඇතුළු CID ලොක්කන් NPP වේදිකාවේ.

ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ජාතික සමුළුව සමග ආන්දෝලනයට තුඩු දුන් පොලිස් නිලධාරීන් රැසක් එක්ව තිබෙනවා.

මෙම සමුළුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඡේ.එ.කේ.මාර්ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ‍අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුල්ශාන් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ නිලයන්හි කටයුතු කළ විශ්‍රාමික පොලිස් නිලධාරීහු රැසක් එක්ව සිටියා.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අයිතිකාරයා දේශපාලකයා නොවිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර දිසානායක මහතා අද (09) මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති මෙම සමුළුවේදී කියා සිටියා.

අද දවසෙත් වැස්ස වැඩි වෙන ලකුණු.

අද (10) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ඔවුන් දැනුම් දෙනවා.

ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙනවා: පොදු අපේක්ෂකයා රනිල්.

ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර ප්‍රධාන සංවිධායක ඒ.එම්.එස්.බී අබේසිංහ මහතා පවසනවා.

කැකිරාව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලය හා එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇති බවයි ඒ.එම්.එස්.බී අබේසිංහ මහතා අවධාරණය කළේ.

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායක අනුරාධ කස්තුරිආරච්චි, එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර ප්‍රධාන සංවිධායක ඒ එම් එස් බී අබේසිංහ, හිටපු අමාත්‍ය පී හැරිසන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.

“මෙයා හිටියා නම් ගොඩාක් සතුටු වෙනවා. අද මෙයා මගේ ළඟ නැහැ..” තෙවැනියා වූ විශ්ව බිරිඳව සිහි කර සංවේදී වෙයි. – වීඩියෝ

14 වන දකුණු ආසියානු කාය වර්ධන ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ විශ්ව තාරුක සමත් වුණා.

ඔහු එම පදක්කම ලබාගැනීම සඳහා වේදිකාවට නැග තිබුණේ, මිය ගිය සිය බිරිඳගේ ඡායාරූපත් රැගෙනයි.

එහි දී ඔහු ඉතා සංවේදී කතාවක් සිදු කළ අතර එය මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.

“මේ ඉන්නේ මගේ වයිෆ්, ගිය අවුරුද්දේ, සැප්තැම්බර් මාසයේ දී ඇක්සිඩන්ට් වෙලා එයා නැති වුණා. මෙයාගේ හීනයක් තමා මම දවසක දිනන එක. මෙයා මට කිව්වා, මම දිනනකම් මගෙත් එක්ක එකට ඉන්නවා කියලා. මෙයා දැන් මාත් එක්ක නෑ. මම දින්නා. තුන්වෙනියා වුණා. මම මෙතැනින් නතර වෙන්නේ නෑ. රන් පදක්කම ගන්න ට්‍රයි කරනවා. මම මේ ක්‍රීඩාවේ යන්න පුළුවන් උපරිම යනවා. මගේ හැමදෙයටම කෑම හදලා දුන්නේ එයා. එයා ලොකු කැපකිරීමක් කළා. අද එයා නැහැ. මේ දවස්වල අම්මායි, නැන්දයි, ආච්චියි තමා කෑම හදලා දුන්නේ. එයා නැති නිසා මට ගෙදර ඉන්න හිතෙන්නේ නෑ. තාමත් ඉන්නේ නැන්දලාගේ දිහා. මට මෙයාව අමතක වෙන්නේ නෑ. මෙයා නිසා තමා ම‌ගේ ආත්ම විශ්වාසය ඇති වුණේ. අද මෙයා හිටියා නම් ගොඩාක් සතුටු වෙනවා. අද මෙයා මගේ ළඟ නැහැ.”

දුම්රිය රියදුරන් ගැන රහස් පොලිසියට පැමිණිල්ලක්..?

දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනටත් අද (09) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා..

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළා.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව සඳහන්,

කෙසේවෙතත් සිය ඉල්ලීම් සඳහා බලධාරීන් තවදුරටත් ප්‍රතිචාර නොදක්වන්නේනම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා සඳහන් කර සිටියා.

කෙසේවෙතත් අද ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

එම වර්ජනය පුද්ගලයින් 21 දෙනෙකු විසින් ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම පැමිණිල්ල සිදුකිරීමට නියමිත බව සඳහන්