Home Blog Page 37

මිලිමීටර් 350කට අධික වර්ෂාවක්.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 350කට අධික වර්ෂාවක් ලැබී ඇති බවට වාර්තා වෙන බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී ඇදහැලෙන සුළු වර්ෂාවකදී පවා නායයෑමේ අනතුරක් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනතුරු අඟවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මේ බව පැවසීය. 

“කෑගල්ල, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 350ට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ජනතාව ඒ සම්බන්ධව අවධානයෙන් සිටින්න ඕනේ. ඉදිරියේදී ලැබෙන සුළු වර්ෂාවකින් වුවද කණ්ඩි කඩා වැටීම් සහ නායයෑම් අනතුරක් සිදුවිය හැකියි.”

මාධවී සහ කසුන්ගේ ප්‍රේමනීය going away shoot එක

මාධවී ඇන්තනි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ගැන හැමෝම වගේ දන්නවා. අපේ රටේ සිටි දක්ෂ කලාකරුවෙකු වූ ජැක්සන් ඇන්තනිගේ ලොකු දුව ඇය තමයි. තෙවන වරටත් ඇය පසුගියදා සුබ මොහොතින් යුග දිවියට පිවිසුනා. ඒ දෙන්නගේ going away shoot එක පහත විඩියෝවෙන් නරඹන්න.

දොම්පේ කුඹුරකින් මළ සිරුරු දෙකක් හමුවේ.

දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මලසිරුරු දෙකක් හමුවූ බව දොම්පේ පොලිසිය පවසනවා.

පොලිසි හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් කණ්ඩායම් ගොස් සිදු කළ නිරීක්ෂණයේදී මෙම මල සිරුරු දෙක සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රම්බොඩ නාවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19 සහ 29 වයස්වල තරුණයන් දෙදෙනෙකි.

සිද්ධි සම්බන්ධයෙන් දොම්පේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

ඉරාන ජනාධිපතිගේ අනතුර ගැන විමර්ශන වාර්තාව මෙන්න.

ඉරාන ජනාධිපති රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට පත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වුණු අතර, එම විමර්ශනයට අදාල විමර්ශන වාර්තාව එළිදැක්වුණා.

හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළේ ඉරාන සන්නද්ධ හමුදාවය. ඉරාන ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස මියගියේ ඔවුන් රැගෙන අසර්බයිජානයේ සිට යළි ඉරානයට පියාසර කරමින් තිබුණු හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙනි.

හෙලිකොප්ටරය අසර්බයිජානයේ සිට ඉරානයට පියාසර කරන්න වූයේ තවත් හෙලිකොප්ටර් දෙකක් ද පිරිවරා ගනිමිනි. අනෙක් හෙලිකොප්ටර් යානා දෙකට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර අනතුර සිදුවූයේ ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටි හෙලිකොප්ටරයයි.

විමර්ශන වාර්තාව හරහා ඉරාන සන්නද්ධ හමුදාව, පෙන්වා දී ඇත්තේ, ජනාධිපති රයිසි ඇතුළු පිරිස ගමන් කළ ‘බෙල්’ වර්ගයේ හෙලිකොප්ටර් යානය ගිනිගෙන කඳුකර ප්‍රදේශයට කඩා වැටුණු බවයි.

එම අවස්ථාවේ, ඝන මීදුම් තත්ත්වයක් ද පැවැතිණි. හෙලිකොප්ටරය කිසිම අවස්ථාවක නියමිත ගමන් මාර්ගය වෙනස් නොකළ බවත්, ඊට වෙඩි ප්‍රහාරයක් හෝ මිසයිල ප්‍රහායක් හෝ එල්ල නොවුණු බවත් ඉරාන සන්නද්ධ හමුදාව තහවුරු කර තිබෙනවා.

මාධවී ඇන්තනිගේ wedding එකේ හොදම ටික.

මාධවී ඇන්තනි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ගැන හැමෝම වගේ දන්නවා. අපේ රටේ සිටි දක්ෂ කලාකරුවෙකු වූ ජැක්සන් ඇන්තනිගේ ලොකු දුව ඇය තමයි. තෙවන වරටත් ඇය පසුගියදා සුබ මොහොතින් යුග දිවියට පිවිසුනා. ඒ අවස්ථාවේ සොදුරු දසුන් දැකගන්න පහත වීඩියෝව නරඹන්න.

ඉරාන ජනපති මියගිය සොවින් හඬන ලංකාවේ දරුවා.

“ඉරාන ජනාධිපතිතුමා මත්තල ගුවන් තොටුපොළේදී සිංහල ක්‍රමයට බුලත් හුරුල්ලක් දී පිළිගත්තේ මමයි. හෙලිකොප්ටර් අනතුරකින් එතුමා මියගිය බව දැනගත්තාම දරා ගන්න බැරි දුකක් දැනුණා ” යැයි උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ ඉරාන ජනාධිපතිවරයා පිළිගත් ඇඹිලිපිටිය බෝධිරාජ විදුහලේ එකොළොස් හැවිරිදි ගයිදු කිත්න ද සිසුවා පවසනවා.

“ඉරාන ජනාධිපතිතුමා පිළිගැනීමට මාව තෝරා ගත් බව දැනගත්තාට පසු මට කිව නොහැකි සතුටක් ඇතිවුණා. මට තිබුණේ එතුමා බුලත් හුරුල්ලක් දී සිංහල ක්‍රමයට පිළිගන්නයි. එතුමා ප්ලයිට් එකෙන් බැහැලා එනකොට මම බුලත් හුරුල්ලද්දී වැඳ එතුමා පිළිගත්තා.

බුලත් හුරුල්ලක් දී පිළිගන්නවාත් එක්කම එතුමා මගේ හිස අත ගා මා බොහොම ආදරයෙන් සිප ගත්තා. එතුමා මේ විදිහට හිස අත ගා සිපගනීවි යැයි කියා කිසිසේත් බලාපොරොත්තු වුණේ නැහැ. එතුමාගේ රටේ භාෂාවෙන් මාත් එක්ක මොනවද කිව්වා. මේ කියපු දේවල් මට තේරුණේ නැහැ. මේක මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් වේවි.

මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු වෙලාවෙ ප්‍රේමා ආච්චි ඒ කියන්නේ මගේ තාත්තාගේ අම්මා කිව්වා පුතේ ඔයා බුලත් දී පිළිගත්ත ඉරාන ජනාධිපතිතුමා හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිහින් කියලා. ආච්චි අම්මාගේ මේ කතාව අහලා මගේ හිතට දරාගන්න බැරි තරම් ලොකු වේදනාවක් ඇතිවුණා. ඇස් දෙකට කඳුළුත් ආවා. අපේ ආගම අනුව එතුමාට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා” යැයි ද සිසුවා සඳහන් කළා.