Home Blog Page 43

ඉංග්‍රීසි හෝඩියෙන් ඇදහිය නොහැකි වාර්තාවක් තබා ගිනස් පොතට ගිය තරුණයා.

නිතර අළුත් වන ගිනස් ලෝක වාර්තා අතරට ගිය, ඉන්දීය තරුණයෙක් ගැනයි මේ සටහන.

ඔහු නමින් එස්.කේ. අෂ්රෆ් (SK Ashraf)

හයිද්‍රබාද් හි වෙසෙන අෂ්රෆ්, ලෝක වාර්තාවක් තැබීමට සමත්කම් දක්වන්නේ ඉංග්‍රීසි හෝඩිය පසුපසට (Z to A) ටයිප් කරමින්.

ඒ තත්ත්පර 2.88ක කෙටිම කෙටි කාලයක් ඇතුළත !! ඒ කියන්නේ තත්පර 3කටත් අඩු කාලයකින් !

අෂ්රෆ් ලෝක වාර්තාව තැබූ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍යයේ වැඩි අවදානයක් දිනාගෙන.

විශේෂත්වය වෙන්නෙ ඉංග්‍රීසි හෝඩිය එක්ක සෙල්ලම් දාලා අෂ්රෆ් ලෝක වාර්තා අතරට ගිය පළමු වතාව මෙය නොවීම.

මීට ඉහතත් ඔහු අඩුම කාලයකදී ඉංග්‍රීසි හෝඩිය නිවැරුදි පිළිවෙළට පසුපසට ටයිප් කිරීමේ ලෝක වාර්තාව තමන් සතු කරගෙන. ඊට වැය වී ඇති කාලය තත්ත්පර 3.37ක් බව සඳහන්.

ඒ කියන්නෙ මෙවර ඔහු අළුත් කරලා තියෙන්නෙ තමන් මීට පෙර තබන ලද වාර්තාවක්ම තමයි.

මේ, ගිනස් ලෝක වාර්තා කමිටුව විසින් අෂ්රෆ් ලෝක වාර්තාව තැබූ වීඩියෝව බෙදාගෙන තිබූ අයුරුයි.

රතුපස්වල තීන්දුව අද.

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

මීට වසර 11කට පෙර මෙම සිදුවීම වාර්තා වූ අතර, නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුනා.

කටුනායක පහරදී තර්ජනය කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර.

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට පහරදී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා බවට තහවුරුව තිබෙනවා.

එමෙන්ම ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද රණවීර රාජ්‍ය අමාත්‍යවරයා විසින් තර්ජනය කර තිබුණා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය 14 වනදා අලුයම් කාලයේදී සිය බිරිය හා ඇමති ආරක්ෂකයන්ද සමගින් කටුනායක ගුවන්තොටුපොළට ගොස් ඇත්තේ සිය බිරිඳ විදෙස්ගත කිරීම සඳහායි..

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගිනිඅවි සහිත ඇමති ආරක්ෂකයන් ද සමගින් ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළා.

එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් සතු ගිනි අවි රැගෙන යාමට ඉඩදිය නොහැකි බව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට පවසා තිබෙන අතර ඒ, සමග ඔහු ගුවන්තොටුපොළ ආරක්ෂකයන්ට බැණවැදී ඇති බව වාර්තා වනවා.

අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇති බවද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළා.

සේවා සපයන පෝටර්වරයෙකුට රුපියල් 1,000ක මුදලක් ගෙවිය යුතු බවට ගුවන්තොටුපොළේම පුවරු මගින් සඳහන් කර ඇති පසුබිමක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඔහුට රුපියල් 700ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු විරෝධය පළකළ බව කියන සිදුවීමක් පහරදීමට මුල්වී ඇතැයි පැවසෙනවා.

පෝටර්වරයාට කම්මුල් පහරක් එල්ල කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටවගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා කුරුණෑගල පදිංචිකරුවකු වන පහරකෑමට ලක්වූ පෝටර්වරයා ගුවන්තොටුපොළ පොලීසිය වෙත ගොස් තිබුණා.

එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා නොසිටීම හේතුවෙන් පසුදින උදෑසන යළි පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් පෝටර්වරයාට දැනුම්දී ඇති නමුත් කුමන හෝ හේතුවක් මත ඔහු ඉන් අනතුරුව පොලීසිය වෙත ගොස් නැහැ.

සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ

“මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා පැත්තකට ඇදන් ගියා. මම කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත.” යනුවෙනුයි.

පුතුගේ විභාගය හේතුවෙන් සිය ආදරණීය බිරිඳගේ හදිසි අභාවය දින 4ක් සඟවා ගත් පියෙක්.

මෙවර සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දෙන තම පුතුට මානසිකව ශක්තියක් වීම සඳහා සිය බිරිඳගේ හදිසි අභාවය පුතුගෙන් සැඟවූ පියෙකු පිලිබඳ අනුවේදනීය කතාවක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගාල්ල, තල්ගම්පිටිය, ශ්‍රමදාන මාවතේ පදිංචි බී.ජී අයිරාංගනී මහත්මිය වෘත්තියෙන් ගාල්ල කරාපිටිය රෝහලේ ඖෂධවේදිනියක වන අතර ඇය පසුගිය 12 වැනි දින නිවසේ සියලු දෙනා සමග දිවා ආහාරය ගෙන සිය පුතුගේ සිත තවත් සතුටින් තැබීම සඳහා අතුරුපසට අයිස්ක්‍රීම්ද ගෙන ඒමේන් පසු එය අනුභව කරමින් සිටින අතරවාරයේදි හදිසි කැස්සක් මතුව තිබෙනවා.

එහිදි එම කැස්ස නතර නොවී දිගින් දිගටම පවතීමත් සමග ඇය සිහිසුන්වී ඇති අතර මින් කලබලයට පත් වූ සැමියා විසින් එහිදි සුව සැරිය හදිසි ඇමතුම් අංකය වන 1990 ගිලන් රථ සේවාව අමතා කඩිනමින් ගෙන්වාගෙන ඇති නමුත් එහි සිටි අය රෝගියා මියගොස් ඇතැයි පවසා ගෙන යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ නමුත් ගිලන් රථයේ පැමිණි පිරිස් අයිරාංගනී මහත්මියට අවශ්‍ය ප්‍රථමාධාර හෝ ඔක්සිජන් ලබා දීමක්ද සිදු කර නොමැති අතර ඒ අවස්ථාවේදි අසල සිටි හෙදියන් දෙදෙනකු රෝගියා පරික්ෂා කර බලා ඇය මියගොස් නැති බැවින් කඩිනමින් රෝහල් ගත කරන ලෙසත් දන්වා තිබෙනවා.

එහෙත් ගිලන් රථයේ පැමිණි අය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම අවස්ථාවේදි ඇගේ පුතු විලාප තැබීම හේතුවෙන් ගිලන් රථ සේවයේ පිරිස විසින් කිසිවෙකුට දුරකථනයෙන් අමතා රෝගියා මියගොස් ඇති බවත් පුතුගේ විලාපය හේතුවෙන් රෝගියා ගෙන එන බවත් පවසා කරාපිටිය රෝහලට ගෙන ගොස් තිබෙනවා.

කරාපිටිය රෝහලට අයිරාංගනී මහත්මිය රැගෙන ගිය අවස්ථාවේදි වෛද්‍යවරුන් විසින් කඩිනමින් ඇයව දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ප්‍රථිකාර ලබා දී ඇති අතර එසේ දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි පුතුගේ විභාගය නිමවීමට දින 4කට පෙර ඇය අවාසනාවන්ත ලෙස මෙලොව හැරගොස් තිබෙනවා.

මේ අතර ඇගේ සිහිනය වී ඇත්තේ තම පුතු ඉතා උසස් ලෙස විභාගය සමත්වීම බව අවබෝධ කරගෙන සිටි සිය සැමියා වන කිර්ති නානායක්කාර සිය බිරිඳ මෙන්ම සිය පුතුගේ ආදරණීය මෑණියන් මියගොස් ඇති පුවත පුතුගෙන් සඟවා තබාගෙන තිබෙනවා.

ඒ එම පුවත දැනගත හොත් පුතුගේ අධ්‍යාපන කටයුතු අඩපණ වනු ඇතැයි සිතූ නිසාවෙන්. මේ හේතුවෙන් සිය බිරිඳගේ හදිසි අභාවය කොතරම් දුකක් වුවත් සිය නිවසේ පරිසරය ඇය තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට සකස් කරමින් සිය පුතුට එය විශ්වාසවන ආකාරයෙන් කටයුතු කර තිබෙනවා.

මියගිය අයිරාංගනී මහත්මියගේ දේහය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබා පෙරේදා (14) පස්වරුවේ මල් ශාලාවට භාර දීමට කටයුතු කර ඇති අතර ඇයගේ පුතුගේ අවසන් දින විශයය සඳහා පෙනී සිටීමට ගාල්ලේ සිය පාසල වෙත ගිය පසු ඊයේ (15) දේහය මල් ශාලාවේ තැන්පත් කිරීමට පියා ඇතුලු පවුලේ ඥාතීන් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඇගේ දේහය අද (16) ගාල්ල, තල්ගම්පිටියේ නිවසට ගෙන ඒමට නියමිතව තිබූ අතර මේ කිසිවක් නොදත් පුතු මවට බරපතළ රෝගී තත්ත්වයක් නැති බැවින් ප්‍රථිකාරවලින් පසු නිවසට ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇතැයි සිතා විභාග කටයුතු අවසන් කර තිබෙනවා.

පුතුගේ අනාගතය අඳුරු නොකර දැඩි ශෝකාණූකූළ අවස්ථාවක් වුවත් එය දරාගනිමින් සිය බිරිඳගේ හදිසි අභාවය පුතුගෙන් සඟවා ඔහුගේ කටයුතු සාර්ථකව අවසන් කරන තෙක් ගත්තාවූ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් බොහෝ පිරිස් පියා ඇතුලු පවුලේ ඥාතීන්ට ප්‍රණාමය පුද කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කීර්ති නානායක්කාර පවසන්නේ 1990 ගිලන් රථ සේවය රෝගියා රෝහලට ගෙන යෑම ප්‍රතික්ෂේප නොකර කඩිනමින් රෝහල් ගත කලේ නම් මීට වඩා සතුටුදායක ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ තිබුණු බවයි.

එමෙන්ම මේ ආකාරයට කටයුතු කරන සුළු පිරිසක් නිසා 1990 ගිලන් රථ සේවාව සම්බන්ධයෙන් ජනතාව අතර පවතින විශ්වාසයේ බිඳවැටීමක් ඇති විය හැකි බවත් ඔහු පවසනවා.

ජනප්‍රිය නිලි ඩිලුෂිගේ Wedding Shoot එක.

අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඩිලුෂි හංසිකා කියලා කියන්නේ. ඇය දක්ෂ නරතන ශිල්පිනියක්ද වෙනවා. පසුගියදා සුබ මොහොතින් ආදරණිය පෙම්වතා සමගින් ඇය යුග දිවියට ඇතුලත් වුනා. ඒ සොදුරු සේයාරූ පහත විදියෝවෙන් නරඹන්න.

කාන්තාවක් විසින් නිර්මාණය කළ අඩි 40ක තොරණ

ජනනි අලුදෙනිය පාසල් ගුරුවරියක්.

දෟශ්‍ය කලාවේදී (විශේෂ) උපාධිය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා හදරා තියෙනවා.

භද්‍රඝට ජාතිකය සිතුවම් කරමින් අඩි 40ක තොරණක් මාසයක් වැනි කෙට් කලකින් ඇය නිර්මාණය කර ඇති අතර ලංකාවේ ප්‍රථම වරට කාන්තාවක් විසින් නිර්මාණය කළ තොරණ මෙයයි.

තොරණේ රූප රාමු 08 ක් සහිතව අමතර චිත්‍ර 04 ක් සහ පාදම සහිත මෙම තොරණ නිර්මාණය කර තිබෙන්නේ ගොඩකවෙල නගරයේ අරඹදෙනිය ග්‍රාමයේයි.

විදුලිය බිල අඩු කිරීම ජුලි මාසයේදී.

විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම සඳහා ක්‍රියාදාමය ආරම්භ කිරීමට නියමිතයි.