සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට නොසිතූ දෙයක් සිදුවේ.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවන් 10,000කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබී තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කර සිටියේ තාක්ෂණික කරුණක් හේතුවෙන් මෙම ගැටලුව ඇතිවී ඇති ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට එම ගැටලුව විසඳා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එම ගැටලුව සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බවත් අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටියේ යැයි විභාගයෙන් පසුව කිසිවිටෙකත් සලකුණු නොවන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

2023 වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි 6 වැනිදා ආරම්භවීමට නියමිත අතර ඊට අයැඳුම්කරුවන් 452979ක් සුදුසුකම් ලබා තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *