සැකකරුවෙක් අල්ලා ගැනීමට මහජන සහය පතයි.

0
100

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

ඒ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව.

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හා ලේඛන අස්ථාන ගතවීමක් සම්බන්ධ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ෂණයේ දී ඔහු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු වෑවලගේ රශ්මි නුවන් නැමැති අංක 141/1 වැල්ලවීදිය, මීගමුව ලිපිනයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු පිළිබඳව තොරතුරක් වෙතොත් පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලයි.

ස්ථානාධිපති විශේෂ විමර්ශන අංශ III : 071 85 94 915 / 011 23 95 371

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here