ශ්‍රී පාදයට ගිය විදේශිකයා අඩි 100ක් ප්‍රපාතයට වැටේ – සුවිශේෂි STF මෙහෙයුමක්.

0
103

රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී මිටර් 100ක පමණ ප්‍රපාතයට ඉන්දීය ජාතිකයෙක් ඇද වැටී තිබුණා.

ඒ,අද (29) අලුයම 4.45ට පමණ.

එම ස්ථානයෙන් ඔහුව මුදාගෙන රෝහල්ගත කිරීමට මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පියවර ගෙන ඇත්තේ දැඩි පරිශ්‍රමයක් දරා කරන ලද මෙහෙයුමකින් පසුවයි..

ඉන්දියාවේ මුම්බායි, මහාරාෂ්ට්‍ර හි පදිංචි භාරත් චන්ද්‍රදාස් නැමති 25 හැවිරිදි තරුණයෙක් මෙසේ තුවාල ලබා තිබෙනවා.,

රත්නපුර – ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩමළුව වෙත ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here