Wed. May 8th, 2024

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය තෝරාගත් පෞද්ගලික සමාගම් වෙත සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ අවසරය හිමිව තිබෙනවා.

මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ, වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යොමු කළ කැබිනට් පත්‍රිකාවටයි.

ඒ අනුව, ඉන්දියාවේ M/s Shaurya Aeronautics (Pvt.) Ltd සහ Airports of Regions Management Company of Russia හෝ එයට අනුබද්ධ ව්‍යවසායකත්වය විසින් මත්තල ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම හිමි වීමට නියමිතයි.

එහි කළමනාකාරීත්වය වසර 30ක කාලයක් සඳහා තෝරා ගත් ඉන්දීය සහ රුසියානු සමාගම්වලට ලබා දීමටයි කැබිනට් මණ්ඩලය විසින් පත් කළ කමිටුව නිර්දේශ කර ඇත්තේ. ‍

මත්තල ගුවන් තොටුපළේ පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අපේක්ෂාවන් කැඳවීමට 2023 ජනවාරි මස පැවති ඔවුන්ගේ රැස්වීමේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. එහි දී ආයතන 05ක් සිය අභිලාෂයන් ඉදිරිපත් කළ බව සඳහන්.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *