දියණිය ගැබිනියක් කළ නිසා කුලියාපිටියේ තරුණයාව මරලා.

සිය පෙම්වතියගේ නිවෙසට ඇගේ පියාගේ කැඳවීමකට අනුව පසුගිය 22 වැනිදා ගිය මොහො‍ෙත් සිට අතුරුදන්ව සිටි කුලියාපිටියේ සුසිත් ජයවංශ නමැති තරුණයාව දෑත් දෙපා බැඳ මෝටර් රථයක දමාගෙන මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ගෙල මිරිකා මරා දැමූ බව අත්අඩංගුවට ගත් පෙම්වතියගේ මාමා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කළ හෙළි කර තිබෙනවා.

තරුණයාගේ මළ සිරුර ඊයේ (07) පෙරවරුවේදී කුලියාපිටිය පොලිසිය මඟින් සොයා ගනු ලැබුවේ ඒ අනුවයි.

තරුණයා ඝාතනය වී ඒ වන විට සති දෙකකට වැඩි කාලයක් ගතවී ඇති බැවින් හඳුනා ගැනීමට නොහැකි ලෙස සිරුර නරක් වී තිබුණා.

රසිරුර තිබී ඇත්තේ ප්‍රධාන මාර්ගයේ සිට මීටර 150ක් පමණ කැලෑවට වන්නටයි.

ඝාතනය වූ තරුණයාගේ පෙම්වතියගේ පියා වන සිඟිති නමැත්තාත් සිඟිතිගේ සහෝදරියගේ සැමියා වන පෙම්වතියගේ මාමාත් වැලිමඩ කැප්පෙටිපොළින් අත්අඩංගුවට ගත් වඩු කාර්මිකයන් දෙදෙනාත් එක්ව මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

තරුණයාව පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන යෑමට මඟ කියා ඇත්තේ වැලිමඩින් අත්අඩංගුවට ගත් වඩු කාර්මිකයන් දෙදෙනා බවත් ඔවුන් දෙදෙනා කාලයක් මාදම්පේ පිහිටි වඩු මඩුවක සේවයේ නිරතව සිට ඇති බැවින් මෙම රක්ෂිතය ගැන තොරතුරු දැන සිට ඇති බවත් විමර්ශනවලින් හෙළි වී තිබුණා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *