Tue. May 7th, 2024

එළඹෙන අගෝස්තු මාසය වන විට ගොඩ ගැසී ඇති සියලු ම රියැදුරු බලපත් නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් පිළිබඳ අද (අප්‍රේල් 25) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී අංක තහඩු ලබා දෙන ක්‍රමවේදය ද වෙනස් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

“මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනවලට විශාල මුදලක් ඉතිරි කරන ආයතනයක්. මෙරටට ගෙන්වන වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත් ලබා දීම තමයි මෙම ආයතනෙය් ප්‍රධාන ආදායම් මාර්ගය. රේගු,සුරාබදු දෙපාර්තමේන්තුද මේ සඳහා විශාල දායකත්වයක් ලබා දෙනවා. ඉතාම කෙටි කාලයක් තුළදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ඩිජිටල්කරණය කළ යුතුයි.”

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *