කාලගුණයේ එකවරම වෙනස් වීමක්. අද පස්වරුවේ අවධානයෙන් ඉන්න.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් සවස් කාලහේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි. 

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *