පාතාල උපදෙසකින් ව්‍යාපාරිකයකුගේ නිවසක් වීඩියෝ කරලා.

සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙස් මත කඩුවෙල කොරතොට ගල් වරුසාව පාරේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසක් ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි නවගමුව පොලිසිය කියයි.පවසනවා.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු ගේ උපදෙස් මත මීට මාස කීපයකට ඉහතදී මෙම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තබා තිබූ අතර ඊට දින කීපයකට පසු නිවස වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කෙරුණා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිසිය සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමන් කීප දෙනෙකුද අත්අඩංගුවට ගත්තා.

ඉකුත් 3 වැනි දින ව්‍යාපාරිකයා නිවසේ රැඳී සිටි අවස්ථාවේදී නිවසේ වහලයට ඉහළින් හෙලිකොප්ටර් එකක ශබ්දයක් ඇසුරු බවත් එම අවස්ථාවේදී අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් ආරක්ෂාවට යොදා ඇති පොලිස් නිලධාරිය හා පුද්ගලික ආරක්ෂකයා මිදුලට බැස බැලීමේදී නිවසට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් තිබූ බවට පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *