Thu. Sep 19th, 2024

මාංශපේෂීන් දිය කරන Streptococcal Toxic Shock Syndrome ආසාදනය වූ රෝගීන් 1,000කට වඩා වැඩි පිරිසක් ජපානයෙන් වාර්තා වී තිබෙනවා.

මෙම රෝගී තත්ත්වය ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන වැසියන් අතරේ වේගයෙන් පැතිරීමට පටන් ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ජපන් වෛද්‍යවරුන්ට අනුව, මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සීතල ගතිය, මස්පිඬු වේදනාව, කැරකිල්ල සහ වමනය මූලික රෝග ලක්ෂණවනවා.

උගුරේ තුවාල, අවයව අක්‍රියවීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය ආදී රෝග ලක්ෂය ඉන්පසුව ඇතිවනවා.

මෙම බැක්ටීරියාව ස්ට්‍රෙප්ටෝකොකල් කාණ්ඩයට අයත් වනවා.

බැක්ටීරියා පැතිරීම වයිරස මෙන් වේගවත් නොවන බවත්, මෙම බැක්ටීරියාවේ වේගවත් පැතිරීම ගැන අවදානයෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

පිරිසුදුකම පවත්වාගෙන යෑම, නිතර අත් සෝදා පිරිසුදු කිරීම, කැස්ස ඇතිවිට හෝ කිවිසුම් යද්දී නාසය සහ මුඛය ආවරණය කර ගැනීම ආදී හොඳ පුරුදු මගින් මෙම බැක්ටීරියාව ආසාදනය වීම වළක්වා ගැනීමට හැකියි.

මෙම බැක්ටීරියාවා ආසදනය වී පැය 48 ක් ඇතුළත රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්වන අතර මරණ සම්භාවිතාව සියයට 30ක් වනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *