වාහනය වැදී පිපිරුණ ජල නලයේ අලාභය මිලියන 15ක්.

ලබුගම කලටුවාව ජලාශ පිරිපහදුවේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නල මාර්ගයකට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ දී සිදු වූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ අලාභයක් සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සපවසනවා.

ජලය ලබාදීම අත්හිටුවීමට සිදු වීම නිසා ජල පාරිභෝගික පවුල් ඒකක ලක්ෂයකට වැඩි පිරිසකට අසීරුතාවයට පත් වීමට සිදු වී ඇති බවත් ඔවුන් පෙන්වා දුන්නා.

අදාල අනතුර නිසාවෙන් නල මාර්ගය පිළිසකර කිරීමට වැය වූ මිලියන 15 ක අලාභය අනතුර සිදුකළ මෝටර් රථයේ හිමිකරුගේ පෞද්ගලික මුදලින් හෝ මෝටර් රථයෙහි රක්ෂණ ආයතනයෙන් ලබා ගැනීම සදහා ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කිරීමට නියමිත බවද ඔවුන් පෙන්වා දෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *