දුම්රිය අ#නතුර සිදුවීම සම්බන්දයෙන් – පොලීසියෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්.

දුම්රිය අ#නතුර සිදුවීම සම්බන්දයෙන් – පොලීසියෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්.

අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුර හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබේ.

ඒ හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ‍පොලීසිය දැනුම් දෙයි.

කොළඹ සිට පස්යාල හන්දියෙන් මීරිගම අධිවේගි මාර්ගය දක්වා ගමන් කරන වාහන පස්යාල හන්දියෙන් ඇතුළුවීමට නොහැකි අතර කොළඹ – මහනුවර මාර්ගය භාවිත කළ හැකිය.

මේ අතර දිවුලපිටියේ සිට ගමන් ගන්නා වාහන මීරිගම නගරයෙන් වමට හැරී දංඕවිට හා වරකාපොළ මාර්ගවලට පිවිස කොළඹ – මහනුවර මාර්ගයට පිවිසිය හැකිය.

මීරිගම අධිවේගි පිවිසුම් මාර්ගයෙන් පිටවී කොළඹ හා දිවුලපිටිය ප්‍රදේශවලට ගමන් කරන වාහන හද්දාමුල්ල හන්දියෙන් වමට හැරී කොළඹ – කුරුණෑගල මාර්ග අංක 5 මාර්ගයට පිවිස ගමන් කළ හැකි බව ද පොලීසිය දැනුම් දෙයි.

අද උදෑසන මීරිගම පොලිස් වසමේ විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක කන්ටේනර් රථයක් ගැටී තිබුණි.

මෙම කන්ටේනර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කරන අවස්ථාවේ දී කන්ටේනර් රථය නැවතීම හේතුවෙන් දුම්රියේ ගැටී අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.

කන්ටේනර් රථයේ රියදුරු එම අවස්ථාවේ දී රථය දමා බැස ඇති බවත් තුවාලකරුවන් කිසිවෙක් නොමැති බවත් පොලීසිය සඳහන් කරයි.

මාර්ගය අවහිර වීම නිසා එම ප්‍රදේශයේ මේ වනවිට වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *