Fri. May 17th, 2024

දරු උපත් අපේක්ෂිත මව්වරුන් ( ගැබිනි මව්වරුන්) දැඩි හිරු එළියට නිරාවරණය නොවීමට වගබලා ගන්නැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය අවවාද කරයි.

දැඩි පෑවිල්ල ගැබිනි මව්වරුන් අතර විවිධ ආසාත්මිකතා සංකූලතා ඇතිවීමට ප්‍රබල බලපෑමක් වනු ඇතැයි එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ඊයේ ( 08දා) පැවැසුවාය.

අරුණ කළ විමසීමේදී ඇය පැවැසූවේ දැඩි පෑවිල්ල පවතින සියලුම දිස්ත්‍රික්කවල ගැබිනි මව්වරුන්, ළදරුවන්, දරුවන් හිරු එළියෙන් ආරක්ෂාවීමට පියවර ගතයුතු බවයි.

විශේෂයෙන්ම වයස අවුරුදු පහට අඩු දරුවන් හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීමට දෙමාපියන් වගබලා ගතයුතු බවද ඇය කීවාය.

අව් රශ්මියේ බලපෑමෙන් පිපාසය ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යන බැවින් රස කළ බීමහැර පිරිසුදු ජලය සහ දොඩම් තැඹිලි කුරුම්බා වැනි දියර පානය වැඩි වශයෙන් ගැනීමට උනන්දු වන ලෙසද පැවැසුවාය.

පෑවිල්ලෙන් පරිසරයේ පවතින තෙතමනය සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බවත් පවතින වියළි සුළඟද සමගින් සිරුරේ තෙතමනය සීග්‍රයෙන් පහළ යාමෙන් විජලනය සමග හෝ විවිධ සංකූලතා ආසාත්මිකතා ඇතිවීමේ අවදානමක් හට ගන්නා බවද ඇය පැවැසුවාය.

පවතින තත්ත්වය පහව යනතුරු පාන වර්ග ගැනීම වැඩි වශයෙන් සිදු කරන ලෙසත් පරිසරයට නිරාවරණයවීමෙන් හැකිතාක් වළකින ලෙස අවවාද කළ ඇය විශේෂයෙන්ම ගර්භණී මව්වරුන් ළදරුවන් සහ වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගේ සාමාන්‍ය කටයුතුවල වෙනස්කම් ඇතිවුවහොත් වහාම ආසන්න රජයේ රෝහලට ගොස් උපදෙස් ලබා ගැනීමට උනන්දුවන ලෙසද පැවැසුවාය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *