Year: 2024


  • කෙහෙළියගේ ගෙවල් කුලී ගෙවා නෑ.

    මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සඳහා මෙතෙක් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව වාර්තා වනවා. අරගල සමයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස ගිනි තබා විනාශ කිරීමෙන් පසු…

  • ප්‍රදේශ කිහිපයකට අද තද සුළං සමගින් තද වැසි.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ…

  • බස් අනතුරකින් පාසල් ළමුන් 20 දෙනෙකු රෝහලට.

    පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කඩුවෙල රනාල ප්‍රදේශයේදී අනතුරක් සිදුවී ඇති අතර එම අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා නවගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා. සිසු සැරිය බස් රථයක් සහ ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

  • අවුරුදු 3ක් නොමිලේ උගන්වන චීනයේ විශ්වවිද්‍යාල.

    උසස් පෙළ සමත් වුණත් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට ඔබට ඇතැම් විට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙහෙම වුණාම ගොඩක් දෙනා කරන්නේ නැවත නැවත උසස් පෙළ විභාගයට මුහුණ දී කෙසේ හෝ සරසවි වරම් ලබා ගැනීමට උත්සාහවත් වීමයි. නමුත් ඔබට අවස්ථාවක් ලැබුණහොත් පළමු වරම ඔබේ උසස් පෙළ ප්‍රතිඵල මත ඔබේ උපාධිය සම්පූර්ණ කරන්න ඔබ නිසැකවම එයට කැමැති වනු ඇත.…

  • වව්නියාව ප්‍රදේශයට භූකම්පනයක්.

    ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළා. වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති අතර රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව වාර්තා වනවා. පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල මෙය සටහන්ව තිබෙනවා.

  • පැය 48 ක් ඇතුළත අසාධ්‍යයි. මාංශපේෂීන් දිය කරන බැක්ටීරියාවක් ජපානයේ සීග්‍රයෙන් පැතිරේ.

    මාංශපේෂීන් දිය කරන Streptococcal Toxic Shock Syndrome ආසාදනය වූ රෝගීන් 1,000කට වඩා වැඩි පිරිසක් ජපානයෙන් වාර්තා වී තිබෙනවා. මෙම රෝගී තත්ත්වය ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන වැසියන් අතරේ වේගයෙන් පැතිරීමට පටන් ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ජපන් වෛද්‍යවරුන්ට අනුව, මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සීතල ගතිය, මස්පිඬු වේදනාව, කැරකිල්ල…

  • පැය 48 ක් ඇතුළත අසාධ්‍යයි. මාංශපේෂීන් දිය කරන බැක්ටීරියාවක් ජපානයේ සීග්‍රයෙන් පැතිරේ.

    මාංශපේෂීන් දිය කරන Streptococcal Toxic Shock Syndrome ආසාදනය වූ රෝගීන් 1,000කට වඩා වැඩි පිරිසක් ජපානයෙන් වාර්තා වී තිබෙනවා. මෙම රෝගී තත්ත්වය ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන වැසියන් අතරේ වේගයෙන් පැතිරීමට පටන් ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ජපන් වෛද්‍යවරුන්ට අනුව, මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සීතල ගතිය, මස්පිඬු වේදනාව, කැරකිල්ල…

  • වාහනය වැදී පිපිරුණ ජල නලයේ අලාභය මිලියන 15ක්.

    ලබුගම කලටුවාව ජලාශ පිරිපහදුවේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නල මාර්ගයකට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ දී සිදු වූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ අලාභයක් සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සපවසනවා. ජලය ලබාදීම අත්හිටුවීමට සිදු වීම නිසා ජල පාරිභෝගික පවුල් ඒකක ලක්ෂයකට වැඩි පිරිසකට අසීරුතාවයට පත් වීමට සිදු වී ඇති…

  • නීතිපති ගැන අවසන් තීරණය අද.

    නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිතයි. මේ පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස 2.00 ට රැස්වනවා. නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට ආණ්ඩුක්‍රම…

  • ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි සූදානම් කරයි.

    ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසසයි. ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත හෙයින් ඡන්ද පෙට්ටි මෙසේ සූදානම් කරන බවද ඔහු පවසයි. ඡන්ද පොළ පිළිබඳ විස්තර ලබා ගත් වහා ඡන්ද පෙට්ටිවල යම් අඩුපාඩු තිබේ නම් ඒවාද නොපමාව නිවැරදි කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වන අතර…