Tue. Sep 24th, 2024

Author: Aloka

රට පුරා දන්සල් 18,207ක්.

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් දහඅටදහස් දෙසියහතක් (18207) ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල ලියාපදිංචි කර තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මෙම දන්සල් පරීක්ෂාවට ලක්කිරීමට කටයුතු කරන බව…

පොසොන් වන්දනාවේ යන බැතිමතුන්ට විශේෂ ප්‍රවාහන සේවාවක්.

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද (20) දිනයේ සිට විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය පූජා නගරය…

කෙහෙළියගේ ගෙවල් කුලී ගෙවා නෑ.

මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින…

ප්‍රදේශ කිහිපයකට අද තද සුළං සමගින් තද වැසි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…

බස් අනතුරකින් පාසල් ළමුන් 20 දෙනෙකු රෝහලට.

පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කඩුවෙල රනාල ප්‍රදේශයේදී අනතුරක් සිදුවී ඇති අතර එම අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා නවගමුව රෝහලට ඇතුලත්…

අවුරුදු 3ක් නොමිලේ උගන්වන චීනයේ විශ්වවිද්‍යාල.

උසස් පෙළ සමත් වුණත් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට ඔබට ඇතැම් විට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙහෙම වුණාම ගොඩක් දෙනා කරන්නේ නැවත නැවත උසස් පෙළ විභාගයට මුහුණ දී කෙසේ හෝ සරසවි වරම්…

වව්නියාව ප්‍රදේශයට භූකම්පනයක්.

ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළා. වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී…

පැය 48 ක් ඇතුළත අසාධ්‍යයි. මාංශපේෂීන් දිය කරන බැක්ටීරියාවක් ජපානයේ සීග්‍රයෙන් පැතිරේ.

මාංශපේෂීන් දිය කරන Streptococcal Toxic Shock Syndrome ආසාදනය වූ රෝගීන් 1,000කට වඩා වැඩි පිරිසක් ජපානයෙන් වාර්තා වී තිබෙනවා. මෙම රෝගී තත්ත්වය ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන…

වාහනය වැදී පිපිරුණ ජල නලයේ අලාභය මිලියන 15ක්.

ලබුගම කලටුවාව ජලාශ පිරිපහදුවේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නල මාර්ගයකට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ දී සිදු වූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ අලාභයක් සිදුව ඇතැයි…

නීතිපති ගැන අවසන් තීරණය අද.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිතයි. මේ පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම…