Author: Paththare Digital


  • ප්‍රදේශ කිහිපයකට අද තද සුළං සමගින් තද වැසි.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ…

  • බස් අනතුරකින් පාසල් ළමුන් 20 දෙනෙකු රෝහලට.

    පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කඩුවෙල රනාල ප්‍රදේශයේදී අනතුරක් සිදුවී ඇති අතර එම අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා නවගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා. සිසු සැරිය බස් රථයක් සහ ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

  • වව්නියාව ප්‍රදේශයට භූකම්පනයක්.

    ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළා. වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති අතර රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව වාර්තා වනවා. පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල මෙය සටහන්ව තිබෙනවා.

  • පැය 48 ක් ඇතුළත අසාධ්‍යයි. මාංශපේෂීන් දිය කරන බැක්ටීරියාවක් ජපානයේ සීග්‍රයෙන් පැතිරේ.

    මාංශපේෂීන් දිය කරන Streptococcal Toxic Shock Syndrome ආසාදනය වූ රෝගීන් 1,000කට වඩා වැඩි පිරිසක් ජපානයෙන් වාර්තා වී තිබෙනවා. මෙම රෝගී තත්ත්වය ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන වැසියන් අතරේ වේගයෙන් පැතිරීමට පටන් ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ජපන් වෛද්‍යවරුන්ට අනුව, මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සීතල ගතිය, මස්පිඬු වේදනාව, කැරකිල්ල…

  • වාහනය වැදී පිපිරුණ ජල නලයේ අලාභය මිලියන 15ක්.

    ලබුගම කලටුවාව ජලාශ පිරිපහදුවේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නල මාර්ගයකට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ දී සිදු වූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ අලාභයක් සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සපවසනවා. ජලය ලබාදීම අත්හිටුවීමට සිදු වීම නිසා ජල පාරිභෝගික පවුල් ඒකක ලක්ෂයකට වැඩි පිරිසකට අසීරුතාවයට පත් වීමට සිදු වී ඇති…

  • ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි සූදානම් කරයි.

    ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසසයි. ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත හෙයින් ඡන්ද පෙට්ටි මෙසේ සූදානම් කරන බවද ඔහු පවසයි. ඡන්ද පොළ පිළිබඳ විස්තර ලබා ගත් වහා ඡන්ද පෙට්ටිවල යම් අඩුපාඩු තිබේ නම් ඒවාද නොපමාව නිවැරදි කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වන අතර…

  • ජයග්‍රහණයකින් අවසානය සනිටුහන් කළ ශ්‍රී ලංකාව.

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වුණු ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 83කින් පරාජයට පත් කරමින්. තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී…

  • පොසොන් පින්කම සඳහා “පිඬුසිඟා වඩින” ගිහි කළ රූ රැජින.

    මෙවර පොසොන් පින්කම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන් සහ ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත් එලිසබත් සුජාතා භික්‍ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පිඬුසිඟා වැඩම කළ බව වාර්තා වනවා. මෙවර පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන බව පවසමින් මෙලෙස පිඩු සිඟා වැඩීම සිදුකර තිබුණා. මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වූ ආචාර්ය එලිසබෙත් භික්ෂුණිය, පැවිදි…

  • ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ලොව ඉදිරියේ හෑල්ලුවට පත් වෙද්දි කෙල්ලන් නම්බුව රකියි. ශ්‍රී ලංකාවට පහසු ජයක්.

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර අද (15) පැවැති එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරගය පැවැත්වුනේ හම්බන්තොට ක්‍රීඩාංගනයේදියි. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කොදෙව් කාන්තා කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 47යි…

  • අපිට බැරිවුණා.. අනේ.. සමාවෙන්න.. අපි ඊලඟ එකවත් හොඳට ගහලා එන්නම්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුළු රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන ඔවුන් කනගාටුවෙන් පසුවන බවයි. වැඩිදුරටත් ඔහු අදහස් දක්වමින් පවසන්නේ කණ්ඩායමේ පිතිකරණය සම්පූර්නයෙන් අසාර්ථක වුවත් පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ඉතාමත්…