Author: Paththare ital
-
ලේකම්වරියගේ කට කපන බවට ‘ත#ර්ජනය කළ’ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී.
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට දුරකථනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම්වරියක පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. තමන් වෙත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු දුරකතන ඇමතුමක් ලබාදී තමන් වෙනත් පුද්ගලයකු හා පැවසුව බව කියන කියන ප්‍රකාශයක් ගැන විමසා එය සත්‍ය නම් ඇයගේ කට කපා දමනවා යැයි තර්ජනය කළ බව පොලිසියට පැමිණිලි කළ පැමිණිල්ලේ සඳහන්…
-
ඥානසාර හිමියන්ව රෝහල්ගත කළ ඇත්තම හේතුව.
වසර හතරක සිරදඬුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිටින ඥානසාර හිමියන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කළේ පපුවේ අමාරුවක් නිසා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. වෛද්‍යවරු පරීක්‍ෂා කර රෝහලට ඇතුළත් කළ බවයි ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය පෙරේදා (28) දඬුවම නියම කරනු ලැබුවා.
-
අද දවසේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගුයි – තොරතුරු මෙතැනින් දැනගන්න
මුහුදුබඩ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (30) දිනයේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම අද දිනයේ දී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බව ද ඔවුන් දැනුම් දෙනවා. ඊයේ අවලංගු වූ සහ අද අවලංගු කෙරෙන දුම්රිය පහතින් දැක්වෙනවා.
-
උතුරු කොරියානු නායකයා සිය බිරිඳට පනවා ඇති දැඩි නීති 10ක්
Kim Jong-un යනු Kim Jong-il ගේ පුත්‍රයා වන අතර උතුරු කොරියාවේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කරන පවුලේ තුන්වන සාමාජිකයා වේ. ඔහු උතුරු කොරියාවේ බලවත්ම පුද්ගලයාය. සාමාන්‍යයෙන්, බොහෝ රටවල ජනාධිපති ආර්යාවන් ප්‍රමුඛ හා බලගතු ක්ෂේත්‍රවල ද දක්නට ලැබේ. හිලරි ක්ලින්ටන් සහ මිෂෙල් ඔබාමා වැනි කාන්තාවන්ට ජනාධිපති ආර්යාවන්ව සිටියදී යම් අධිකාරියක් දැරීමට හැකි විය. කෙසේ වෙතත්, උතුරු…
-
ශ්‍රී පාදයට ගිය විදේශිකයා අඩි 100ක් ප්‍රපාතයට වැටේ – සුවිශේෂි STF මෙහෙයුමක්.
රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී මිටර් 100ක පමණ ප්‍රපාතයට ඉන්දීය ජාතිකයෙක් ඇද වැටී තිබුණා. ඒ,අද (29) අලුයම 4.45ට පමණ. එම ස්ථානයෙන් ඔහුව මුදාගෙන රෝහල්ගත කිරීමට මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පියවර ගෙන ඇත්තේ දැඩි පරිශ්‍රමයක් දරා කරන ලද මෙහෙයුමකින් පසුවයි.. ඉන්දියාවේ මුම්බායි, මහාරාෂ්ට්‍ර හි පදිංචි භාරත් චන්ද්‍රදාස් නැමති 25 හැවිරිදි තරුණයෙක් මෙසේ…
-
ජනවාරිය දක්වා වෙනස් නොවන බද්දක්.
දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බවත්, දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ් වෙනුවට තීරු බද්ද හා බැඳුණු නව බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳ…
-
ලංකාවට එමින් තිබූ නැවක් නිසා අමෙරිකාවටත් පාඩු වෙන හැටි.
ශ්‍රී ලංකාවට යාත්‍රා කරමින් තිබූ නෞකාව ගැටුණු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාවැටීමෙන් රැකියා අටදහසකට පමණ බලපෑම් එල්ල වී තිබෙනවා. පිවිසුම් මාර්ගය යළි විවෘත කරන තුරු ඩොලර් මිලියන 15ක පමණ දෛනික පාඩුවක් විඳ ගැනීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. පසුගිය වසරේදී පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 80ක භාණ්ඩ හුවමාරු වූ මේ වරාය ජාතික සහ ජාත්‍යන්තර ආර්ථිකයේ වැදගත්…
-
කඩෙන් දෙන බෑග් එකටත් ‘ඔබේ අතින්’ ගෙවන්න ලැහැස්ති වෙන්න.
වෙළෙඳසල්වලින් ලබාදෙන සිලි සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය මේබව දැනුම් දී තිබුණා. පරිසර යුක්ති කේන්ද්‍රය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම…
-
මහරගම දී වාහන හතරකට හානි කළ බෝ අත්ත.
ඊයේ (28) රාත්‍රී 7.30ට පමණ මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලැබුවා. මෙම අනතුරින් යතුරුපැදියකට, මෝටර් රථයකට සහ ත්‍රිරෝද රථ දෙකකට හානි සිදුව ඇති බවයි paththare.com වෙබ් අඩවියට මහරගම පොලිසිය සඳහන් කළේ.
-
මෛත්‍රීට ‘කොළඹම’ අහිමිවන ලකුණු – ‘අත’ සජිත් අතට
කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් බහුතරය සමගි ජන බලවේගයට සහ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා තීරණය කර තිබෙනවා. මිට පෙර බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා ද සමගි ජන බලවේගයට එක්වුණා. ඉදිරියේ දී හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරච්චි , හිටපු නගරාධිපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් රණවක ඇතුළු…
