ලේකම්වරියගේ කට කපන බවට ‘ත#ර්ජනය කළ’ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී.

0
72

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට දුරකථනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම්වරියක පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

තමන් වෙත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු දුරකතන ඇමතුමක් ලබාදී තමන් වෙනත් පුද්ගලයකු හා පැවසුව බව කියන කියන ප්‍රකාශයක් ගැන විමසා එය සත්‍ය නම් ඇයගේ කට කපා දමනවා යැයි තර්ජනය කළ බව පොලිසියට පැමිණිලි කළ පැමිණිල්ලේ සඳහන් වනවා.

මේ සම්බන්ධව පැමිණිල්ලට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බන්ඩාර මහතාගෙන් මාධ්‍ය කළ විමසිමකදි ඔහු සඳහන් කර ඇත්තේ තමා අදාල ලේකම්වරියට දුරකතන ඇමතුමක් ගත් බවයි.

මේ වගේ සිද්ධියක් ජේවිපි භීතිය ඇති සමයේ කළා නම් කටකපනු ඇතැයි පවැසු බවත් තර්ජනයක් නොකළ බවත් ඔහු සඳහන් කර තීබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here