Home Blog Page 10

මොළය මිය ගිය එක්දරු පියාගේ වකු­ගඩු දෙක සාර්ථකව ගන්න හම්බන්තොට මහ රෝහල සමත් වෙයි.

මේක මහ­ත්තයා පිරූ දාන පාර­මි­තා­වක් වෙන්න ඇති -බිරිය කියයි

මොළය සම්පූ­ර්ණ­යෙන් මිය ගිය පුද්ග­ල­ය­කුගේ නීරෝගි අව­යව තවත් රෝගීන්ට බද්ධ කිරී­මට එම අව­යව ලබා­ගැ­නීමේ සාර්ථක සැත්ක­මක් හම්බ­න්තොට මහ රෝහ­ලේදී ඉකුත්දා (08) සිදු කෙරිණි.

මෙලෙස කළ සැත්ක­මින් මේ රෝගි­යා­ගෙන් ලබා­ගත් වකු­ගඩු දෙකක් තවත් රෝගීන් දෙදෙ­න­කුට බද්ධ කර තිබේ. හම්බ­න්තොට මහ රෝහ­ලට ඉකුත් ජූනි මාසයේ දිනක තද­බල හිසේ කැක්කු­ම­කින් පෙළෙන රෝගි­යෙක් ඇතු­ළත් කර ඇත. රෝගි­යාට කළ සීටී ස්කෑන් පරී­ක්ෂා­වට අනුව මොළයේ සිදු­වන රුධිර වහ­න­යක් සම්බ­න්ධ­යෙන් හඳු­නා­ගෙන තිබේ. ඒ අනුව මොළයේ සැත්ක­මක් කිරී­මට ගාල්ල කරා­පි­ටිය ජාතික රෝහ­ලට යොමු කර සැත්ක­මට භාජන කර නැවත හම්බ­න්තොට මහ රෝහ­ලට එවා දැඩි සත්කාර ඒක­කයේ දින කීහි­ප­යක් ප්‍රති­කාර ලබා ඇත.

හම්බ­න්තොට මහ රෝහ­ලේදී අව­යව ලබා­ගැ­නීමේ සැත්කම කළ අයුරු

මොළ­යට සිදුවී ඇති තද­බල හානි හේතු­වෙන් මොළය මිය ගොස් ඇති බව වෛද්‍ය­ව­රුන් තහ­වුරු කර ගැනී­මෙන් පසු රෝගි­යාගේ බිරිය හා ඥාතින් දැනු­ම්වත් කිරී­මට පිය­වර ගත් බව හම්බ­න්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජය­ව­ර්ධන මහ­ත්මිය සඳ­හන් කළාය.

ඒ අනුව මොළය මිය ගිය රෝගි­යාගේ සෙසු අත්‍ය­වශ්‍ය ශරීර අව­යව ද ටිකෙන් ටික මිය­යෑම සිදු­වන හෙයින් ඉතාම කඩි­න­මින් එම අව­යව සැත්ක­ම­කින් ඉවත් කර ගත­හොත් තවත් රෝගීන් අට දෙනෙ­කුගේ ජීවිත රැක­ගැ­නී­මට හැකි­වන බව වෛද්‍ය­ව­රුන් ඥාතීන්ට පැහැ­දිලි කරදී ඇත.

ඒ අනුව මොළය මිය­ගොස් දැඩි සත්කාර ඒක­කයේ සිටින මේ රෝගි­යාගේ බිරි­යගේ සහ ඥාතීන්ගේ අව­ස­රය අනුව වකු­ගඩු දෙක ලබා ගැනීමේ

ජීවිත දානය දුන් නිවු­ටන් ප්‍රදිප් මහතා

ජීවිත දානය දුන්
නිවු­ටන් ප්‍රදිප් මහතා

සැත්කම හම්බ­න්තොට මහ රෝහ­ලේදී කිරී­මට පිය­වර ගත් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජය­ව­ර්ධන මහ­ත්මිය සඳ­හන් කළාය.

රෝගි­යාගේ ඥාතීන්ගේ කඩි­නම් තීර­ණය හා සහාය අනුව මොළය මිය­ගොස් සිටි රෝගි­යාගේ වකු­ගඩු ලබා­ගැ­නීමේ විශේෂ සැත්කම විශේ­ෂඥ වෛද්‍ය ඩී.එම්.ජී. අම­ර­සිංහ මහතා ප්‍රමුඛ හම්බ­න්තොට මහ රෝහලේ කායික රෝග විශේ­ෂඥ වෛද්‍ය කසුන් ප්‍රභා­සර, නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් වන වෛද්‍ය හිරු­ෂක ද සිල්වා, වෛද්‍ය මහේෂ් ප්‍රියන්ත හා ශල්‍යා­ගා­රයේ සිය­ලුම කාර්ය­ම­ණ්ඩ­ලය මඟින් මේ සැත්කම සාර්ථ­කව සිදු කිරී­මට දායක වූහ.

මොළය මිය­ගොස් සිටින ඕනෑම පුද්ග­ල­ය­කු­ගෙන් ඉතා කඩි­න­මින් රෝගි­යාගේ පාර්ශ්වයේ සිය කැමැත්ත මත බද්ධ කළ හැකි අව­යව වන හෘද වස්තුව, අක්මාව, වකු­ගඩු, පෙණ­හලු, බඩ­වැල්, අග්න්‍යා­ශය, අස්ථි, සම හා ඇස් ලබා­ගැ­නී­මට හැකි­වන අතර එම අව­යව බද්ධ කිරී­මෙන් තවත් ජීවිත අටක් නැවත ජීවත් කර­වී­මට හැකි­වන බව හම්බ­න්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජය­ව­ර්ධන මහ­ත්මිය සඳ­හන් කළාය. ඒ අනුව හම්බ­න්තොට මහ රෝහලේ මෙදින කළ සැත්ක­මින් එම රෝගි­යා­ගෙන් වකු­ගඩු දෙක පම­ණක් ලබා­ගෙන තවත් රෝගි පුද්ග­ල­යන් දෙදෙ­න­කුට සාර්ථ­කව බද්ධ කිරී­ම­ටද හැකි වූ බවද ඇය සඳ­හන් කළාය.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක් වූ රෝගි­යාගේ බිරිය සන්ධ්‍යා කුමු­දුනි මහ­ත්මිය,

“මිය ගොස් සිටින්නේ මගේ සැමියා ප්‍රදීප්. ඔහුට වයස අවු­රුදු 49යි. හම්බ­න්තොට මාන­ජ්ජාව මැඩිල්ල පදිං­චිව සිටින්නේ. මහ­ත්තයා හම්බ­න්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වැඩ කළේ. එදින දවල් කෑම ගන්න හදන විට හිසේ කැක්කු­මක් ඇවිත් තිබුණා. ඒ වෙලා­වේම හම්බ­න්තොට මහ රෝහ­ලට ඇතු­ළත් කර තිබුණා. මහ­ත්ත­යාගේ මොළයේ නහ­ර­යක් පිපි­රිලා ලේ ගල­නවා කියා කරා­පි­ටිය මහ රෝහ­ලට යවා සැත්ක­මක් කළා. නැවත හම්බ­න්තො­ටට ගෙනාවා. වෛද්‍ය­වරු මට කීවා දැන් මහ­ත්ත­යාගේ මොළය මැරිලා. ජීවත් කර­වන්න තිබෙන තත්ත්වය එන්න එන්නම අඩු­වෙ­නවා කියලා. මහ­ත්ත­යාගේ ශරී­රයේ තිබෙන අනික් අව­යව ද ටිකෙන් ටික මිය යන නිසා වකු­ගඩු දෙක සැත්ක­ම­කින් ලබා­ගත හොත් තවත් ජීවි­ත­යක් බේරා ගැනී­මට පුළු­වන් කීවා. මගේ මහ­ත්තයා මිය­යන බව මම හොඳ­ටම දැන­ගෙන තවත් ජීවි­ත­යක් වෙනු­වෙන් ශරී­රයේ කොටස් දන් දෙන්න මහ­ත්ත­යාගේ නාම­යෙන් මමත් දරු­වාත් පවුලේ අයත් කැමැත්ත පළ කළා. ජීවිත දානය දන්දීලා ශරීර කොටස් දීම කළා. මහ­ත්තයා මට අද අහිමි වුණත් මම නොහ­ඳු­නන තවත් රෝගී පුද්ග­ල­යන්ට මගේ මහ­ත්ත­යාගේ ශරී­රයේ කොටස් බද්ධ කර ඒ අය ජීවත් කර­වීම මගේ මහ­ත්තයා කළ දාන පාර­මි­තා­වක් වෙන්න ඇතැයි මා සිත­නවා.”

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 18ක් සඳහා ඇස්තමේන්තු මිල පරාසයක්.

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 18ක් සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා මෙම සතිය වෙනුවෙන් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

තිරිඟු පිටි, සුදු සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූණු, රතු ලූණු, වියළි හාල්මැස්සන්, වියළි මිරිස්, බිත්තර, ටින් මාළු, කැකුළු සහල්, නාඩු සහල් සහ කුකුල් මස් සඳහා මෙසේ මිල පරාසයක් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

මෙම මිල පරාසය පාරිභෝගික මහජනතාව දැනුවත් කිරිම සඳහා ප්‍රකාශයට පත්කරනු ලබන අතර මින් වෙළෙඳපොළ තුළ තරඟකාරිත්වය තුලින් පාරිභෝගික මහජනතාව වෙත සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසීම බලාපොරොත්තු වන බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

පොහොර වර්ග 5ක මිල අඩු කරයි.

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අද (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබේ.

ඒ අනුව රුපියල් 1,500 සිට රුපියල් 2,000 දක්වා මුදලකින් පොහොර මිල අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.

කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝගවලට භාවිත කරන පොහොර මිල ගණන් අඩු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පොහොර සමාගමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද උපදෙස් දී තිබුණි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී පොහොර මිල අඩුකිරීම් ප්‍රකාශයට පත් කර තිබුණි.

කාලගුණයෙන් රතු නිවේදනයක්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පෙ.ව 3.00ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලාත්මක වනු ඇති.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 75ත් අතර මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 12ත් 17ත් සහ නැගෙනහිර දේශාංශ 83 සහ 93ත් අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං (පැ.කි.මී. 70-80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.

ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශ හා බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

මේ අතර සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලමි.මී. 50පමණ තරමක තද වැසි ඇතිවන බව සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද සඳහන්.

ඔස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ තෙවන ස්ථානය දිනූ සවින්ද්‍රි දිවයිනට.

මෙවර ඔස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ තෙවන ස්ථානය දිනූ ලාංකීය යුවතිය, සවින්ද්‍රි පෙරේරා ඊයේ (16) ලංකාවට පැමිණියා.

ඇය තමා ලද ජයග්‍රහණයත් සමඟ ම මෙරට වෙසෙන තම පියා ඇතුළු නෑදෑ හිතවතුන් දැකගැනීම සඳහා මෙරටට පැමිණි බවයි වාර්තා වූයේ.

එලෙස පැමිණි ඇය කටුනායක ගුවන් තොටුපොළේ දී මෙලෙස අදහස් දක්වා තිබුණා.

”මට මෙම ඔස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ දී ජයග්‍රහණය සඳහා මාවත සකස් කරදුන්නේ ශ්‍රී ලංකාවේ ආහාරපාන.

මෙම තරගාවලියේ දී විශේෂයෙන්ම මම ශ්‍රී ලංකාවේ කිරිබත්, කළුපොල් මාලුව, මාළු මිරිසට මෙන්ම සීනි සම්බෝල ද සකස් කර ඉදිරිපත් කළා.

මම මෙම ආහාර සදහා ශ්‍රී ලංකාවේ කුළුබඩු භාවිතා කළා.

ඒ නිසා ලෝකයේ අනෙකුත් තරගකාරී සූපවේදීන් පරදා මෙම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට හැකි වුණා….”

ඔන්ලයින් ණය අරන් මාරු වූ අය අධිකරණයට.

ඔන්ලයින් සමාගම් මගින් මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන එම ණය මුදල් නැවත නොගෙවා පැහැර හරින ලද දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් අධිකරණය වෙත කැඳවමින් ඊයේ (16 වැනිදා) නියෝගයක් නිකුත් කර තිබේ.

රුපියල් ලක්ෂ දෙකට වඩා අඩු ණය මුදල් ඔන්ලයින් ක්‍රම ඔස්සේ ලබාගෙන එම මුදල් හිතාමතා ගෙවීම පැහැර හරින ලද කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට, මාතර, ගාල්ල, කෑගල්ල, පොළොන්නරුව, මන්නාරම, පුත්තලම, අවිස්සාවේල්ල, බෙලිඅත්ත, මාවනැල්ල, හඟුරන්කෙත ආදී ප්‍රදේශවල පුද්ගලයන් රැසකට ලබන සැප්තැම්බර් 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ විසින් ඊයේ (16 වැනිදා) නොතිසි නිකුත් කළේය.

කිසිදු සුරැකුමක් ඉදිරිපත් නොකර ජංගම දුරකථන ඇප් සහ වෙබ් අඩවි මගින් ණය මුදල් ලබාගෙන ඒවා නැවත නොගෙවා පැහැර හරින ලදැයි චෝදනා කරමින් කොළඹ 7 පිහිටි ඔන් ක්‍රෙඩිට් ඔන්ලයින් (On Credit Online) සමාගම විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව පවරා තිබූ නඩු ඊයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය එම නියෝගය නිකුත් කළේය.

2022 අංක 33 දරණ සුළු හිමිකම් කාර්ය පටිපාටිය ප්‍රකාරව කොළඹ 7 පිහිටි සීමාසහිත ඔන්ක්‍රෙඩිට් පුද්ගලික සමාගම නීතිඥ ඩිල්ෂාන් වීරසේකර මගින් අදාළ නඩු පවරා තිබිණි.

පැමිණිලිකාර සමාගම 2021 වසරේ සිට සුළු පරිමාණ ණය ලබාදීමේ ව්‍යාපාරයක නිරතව සිටින බවත්, තම සමාගමේ ජංගම දුරකථන මෘදුකාංග හරහා විත්තිකාර ණය හිමියන් උඩුගත කළ දත්ත සසඳා ඒ අනුව ණය ලබාදීම සිදුකරන බවත් පැමිණිල්ලේ නීතිඥ වීරසේකර දන්වා සිටියේය.

ණය ලබාදීමේදී ණය හිමියාගෙන් කිසිදු සුරැකුමක් ලබා නොගන්නා බවත්, ඔවුන් යොමු කළ බංකු ගිණුම් අංකයට ණය මුදල කෙටි කාලයක් තුළදී බැර කිරිම් සිදුකරන බවත් පැමිණිලි මගින් දන්වා සිටියි.

පැමිණිලිකාර සමාගම විසින් 2022, 2023 සහ 2024 වසරවලදී රුපියල් ලක්ෂ 2 කට වඩා අඩු ණය ලබාගෙන හිතාමතා ගෙවීම් පැහැර හරින ලද පුද්ගලයන්ට එරෙහිව මෙම නඩු පවරා තිබිණි.

මේ මිලට වැඩියෙන් විකුනන්න බෑ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් නිවේදනයක්

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක මේ සතියට අදාල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (15) දින සිට ලබන 21 වැනිදා දක්වා කාලයට මෙය අදාළ වෙයි

ක්ලබ් වසන්තගේ බිරිඳට මල්වඩමක් එවලා.

පසුගියදා අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රසිද්ධ ව්‍යාපාරික ‘සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්තගේ’ බිරිඳ ‘මැණික් විජේවර්ධන’ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

එම අවස්ථාවේදී ඇයගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී තිබු බවත්, එම වෙඩි උණ්ඩ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් ඇය තවදුරටත් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයව මේ වනවිට සැක්කම් 03කට භාජනය කර තිබෙනවා.

මේ අතර නන්නාඳුන පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් පසුගියදා දිනක ඇයට මල්වඩමක් යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම සිද්ධියෙන් පසු රෝහල අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන්.

‘ක්ලබ් වසන්තගේ’ අවමංගල්‍යය පැවැත්වෙන දිනයේදී ඇයව ඊට සහභාගි කරගැනීම වසන්තගේ දරුවන්ගේ අපේක්ෂාව වී තිබු බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් ඇය තවදුරටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් එය ව්‍යාර්ථ වී තිබෙනවා.

පසුගිය 08 වැනිදා සිදුවු එම වෙඩි තැබීමෙන් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර වසන්තගේ බිරිඳ හා ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකුට එම ප්‍රහාරයෙන් තුවාල සිදුවුණා.

ඔවුන් ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා ගොස් තිබු අතර එම මධ්‍යස්ථානය තුළදීයි ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටැටු මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවන අතර මෙම ප්‍රහාරය කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී යන පාතාලයින් විසින් සැලසුම් කළ එකක් බවටයි පොලීසිය සැක පළකරන්නේ.

කෙසේ වෙතත් එම ප්‍රහාරයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.