Home Blog Page 13

රු ලක්ෂ 10කට පොල්ල තියන්න ගිය OIC මාට්ටු.

පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට වීසා බලපත්‍රය සකස් කිරීමට අදාළ මුදල් ඉල්ලූ පසු පොලීසිය තමන්ට පහරදුන් බව දෙහිවල විදෙස් සංචාරක ආයතන හිමිකරුවෙකු චෝදනා කරයි.

ඔහු සඳහන් කළේ, තම සේවකයින්ට පවා පොලිස් නිලධාරීන් පැමිණ පහරදුන් බවය.

පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා එංගලන්තයේ සංචාරක වීසා ලබාගැනීම සඳහා අයදුම් කර තිබුණත් එය මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප වී ඇත.

පසුව ඔහු දෙහිවල ප්‍රදේශයේ පිහිටි සංචාරක වීසා හා උපදේශන ආයතනයක් වෙත ගොස් වීසා ලබාගැනීමට යළි අයදුම් කර තිබේ.

එම ආයතනය මැදිහත් වී පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට වීසා පහසුකම් ලබාදී තිබුණු අතර ඒ සඳහා රුපියල් 1,003,200ක මුදලක් වීසා ආයතනයට වැයවී තිබුණි.

පසුව ජුලි 2 වනදා පෙරවරුවේ දෙහිවල පිහිටි වීසා ආයතනයට පැමිණි පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා සිය විදෙස් ගමන් බලපත්‍රය ඉල්ලා තිබේ.

එහිදී වීසා ආයතනයේ හිමිකරු පවසා ඇත්තේ වීසා සකස් කිරීමට වැයවූ රුපියල් ලක්ෂ 10ක මුදල ගෙවා විදෙස් ගමන් බලපත්‍රය රැගෙන යන ලෙසය.

නමුත් එම අවස්ථාවේදී පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ආයතනයේ හිමිකරුට අසභ්‍ය වචනයෙන් බැන වැදී තරවටු කරන ආකාරය CCTV කැමරාවල සටහන් වී ඇත.

පසුව එම පොලිස් නිලධාරියා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබුණි.

නැවත පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අවස්ථා කිහිපයක දී අදාළ ආයතනය වෙත පැමිණ එහි සේවක සේවිකාවන් බියවද්දන ආකාරය ද CCTV කැමරාවේ සටහන්ව ඇත.

එමෙන්ම ජුලි 2 වනදා පස්වරු 4.30ට පමණ දෙහිවල පොලීසියේ ස්ථානාධිපතිවරයා ද එම ආයතනයට පැමිණ එහි හිමිකරු සහ කළමනාකරුට යම් දෙයක් පවසා බලහත්කාරයෙන් පිටතට රැගෙන ගොස් තිබුණි.

ඉන් අනතුරුව අදාළ ආයතනයේ හිමිකරු සහ කළමනාකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට දෙහිවල පොලීසිය පියවර ගෙන තිබුණු අතර ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට ප්‍රකාශ කර තිබුණේ මුදල් ගෙවා විදෙස් ගමන් බලපත්‍රය ලබාගන්නා ලෙසය.

අධිකරණයෙන් ඇප මත නිදහස් කෙරුණු අදාළ ආයතනයේ හිමිකරු දෙහිවල පොලීසියෙන් තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

දෙහිවල විදෙස් සංචාරක ආයතනයේ හිමිකරු,

“එයා කිව්වා… මම පොලිස් OIC කෙනෙක්. මට දන්නවා කොහොමද මේක ගන්න ඕන විදිය කියලා. මට ගහලා ඇදගෙන ගිහින් ජීප් එකට දාගත්තා. දෙහිවල පොලීසියට එක්කගෙන ගිහින් බිම දාගෙන ගැහුවා. බෙල්ල මිරිකලා කූඩුව ඇතුළට දැම්මා. කට උත්තරයේදී මම කියන එක නෙමෙයි ලිව්වේ. අන්තිමට මම බයට අත්සන් කළා.”

ලබන වසරේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම්.

ලබන වසරේ දී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා සැලසුම් කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

එහි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කලේ පාසල් ළමුන් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ දැනුම ලබාදීම සඳහා තවදුටරත් යටිතල පහසුකම් සංවර්ධනය කළයුතු බවය.

චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අම්බානිලාගේ වෙඩිමට ගිය, නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ගෞරවනීය අමුත්තන් අතර.

මේ වෙද්දි ලෝකයේම අවදානය දිනූ ප්‍රකෝටිපති මංගල උත්සවයට, එහෙමත් නැත්නම් අම්බානි පවුලේ බාල පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයට ලොව නන් දෙසින් බොහෝමයක් පිරිස් ආරාධනා ලැබ තිබුණා.

ඒ අතර කැපී පෙනුණු ලාංකික යුවළක් තමයි නාමල් රාජපක්ෂ සහ ඔහුගේ ආදරණීය බිරිඳ.

විමර්ශන නතර කරන ලෙසට පියුමි ඉල්ලයි.

තමන්ගේ ඉපයීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන වළක්වන ලෙසට ඉල්ලා නිරූපිකා පියුමි හංසමාලි ගොනු කළ රීට් පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 15වැනිදා කැඳවීමට නියමිතයි.

එහි දී පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිසියේ අධ්‍යක්ෂකවරයා, නීති විරෝධී වත්කම් විමසන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා හා ස්ථානාධිපතිවරයා පැමිණිලිකාර සංජීව මහවත්ත ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන්.

නිරූපිකා පියුමි හංසමාලි විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ, නීතිඥ සංජීව ඇන්තනී මහතා හරහායි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශන වළක්වමින් මැන්ඩා මුස්රීට් ආඥාවක් වග උත්තරකරුවන්ට එරෙහිව නිකුත් කරන ලෙසට ඉන් ඉල්ලා තිබෙනවා.

වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙත්සම්කාරිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන ට අදාළ ගොනුව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙසත්, නීති විරෝධී වත්කම් විමර්ශනයට අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විමර්ශන සිදුකරන ලෙසට වගඋත්තරකරුවන් කරුවන්ට නියෝග කරන ලෙසත් පෙත්සම් මගින් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්.

ක්ලබ් වසන්ත ඝාතනයට ප්‍රබලයෙක් අත්අඩංගවට, ඒ අතරේ පොලීසියටත් දැඩි අවවාද.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සම්බන්ධයෙන්සැකපිට තවත් දෙදෙනෙක් ඊයේ (12) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වෙඩි තැබීමේ සිදුවීමේ මහ මොළකරු ලෙස හැඳින්වෙන ඩුබායි රටේ රැඳී සිටින සංජීව පුශ්පකුමාර නොහොත් ලොකු පැටීගේ මස්සිනා ඇතුළු තරුණයන් දෙදෙනෙකු බවයි පැවසෙන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ තබාගෙන ඔහුගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට අදාළ මූලික විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

ඒ අනුව, පොලිස් කොමිසම තීරණය කර ඇත්තේ, සැකකරුවකු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ තබාගෙන ඔහුගෙන් පාපොච්චාරණයක් ලබාගැනීම, පොලිස්පති නියෝගවලට පටහැනිව එය මාධ්‍යවලට මුදාහැරීම සම්බන්ධයෙන් ඊට සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමටයි.

මේ අතර, එසේ ප්‍රශ්න ඇසූ පොලිස් නිලධාරීන් නීතියේ රැහැනට හසුකරගත යුතු බවයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේ.

තවද, මේ අතර,මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේ, එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පොලිස් නිලධාරීන්ට තමා දැඩි ලෙස අවවාද කළ බවයි.

දුම් දාන වාහන දැක්කොත් බ්ලැක්ලිස්ට් කරන්න තීරණය කරයි.

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි.

එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බවය.

වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදුනොකරන ලෙස දසුන් ගමගේ මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබා ගැනීම ට බොහෝ පිරිස් පෙළඹී සිටිය ද, එම රථ වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රදේශවලදී අදාළ පරික්ෂාවන් සිදු කරන බව ඒ මහතා පවසයි.

එම අවස්ථාවක දී අධික දුමක් පිට වන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව නඩත්තු නියෝගයක් එසේත් නොමැති නම් තහනම් නියෝගයක් රථයට ලැබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.