Home Blog Page 20

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලට නැවත අවදානය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධන සැළසුම් සහ ප්‍රගතිය සමාලෝචනය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාරීත්වය සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවකදී එම තීරණය ගත් බව ද කීය.

ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඒකාබද්ධ ව්‍යාපාරය ලෙස පවත්ගෙන යන තෙල් ටැංකි 61 කින් යුත් එම පද්ධතියේ සියලුම ටැංකිවල තත්වය පරීක්‍ෂා කිරීම, නළ මාර්ගය සැලසුම් කිරීම, යටිතල පහසුකම් අදියර වශයෙන් සංවර්ධනය කිරීම, දේශීය සහ අපනයන කටයුතු සඳහා ඉන්ධන ගබඩා කිරීම සඳහා ටැංකි ඒකාබද්ධ කිරීමට මෙහිදී තීරණය කර තිබේ.

ජනපති හදිසියේ කැබිනට් මණ්ඩලය රැස් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (26) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

ඊට සහභාගීවීමෙන් අනතුරුව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ ජනාධිපතිවරයා අද ජාතිය අමතා සිදුකරන ප්‍රකාශය පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද රාත්‍රී 8.00ට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතයි.

ගුරු විදුහල්පතිවරුන්ට ජල ප්‍රහාර.

ගුරු – විදුහල්පති විරෝධතාව විසුරවා හැරීම සඳහා ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ ලෝටස් මංසන්ධිය ඉදිරිපිටදීයි.

අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද (26) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළා.

එහිදී විරෝධතාවය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි නියෝගයක්ද නිකුත් කර තිබුණා.

ගුරු විදුහල්පති විරෝධතාවය හේතුවෙන් කොටුව, ලෝටස් පාර සහ සෙසු ප්‍රදේශ රැසක මේ වන විට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

පාසල් ගුරු – විදුහල්පතිවරුන් අද (26) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණේ වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

මේ හේතුවෙන් දිවයිනේ පාසල් රැසක අධ්‍යාපන කටයුතු අද නතර වුණා.

ගුරුවරුන් නොමැතිවීමෙන් ඇතැම් පාසල්වල දරුවන් යළි නිවෙස්කරා රැගෙන යාමට මව්පියන් කටයුතු කර තිබුණා.

විෂයන් ෆේල් වුණ අයත් උපකාරක පන්තිවල ගුරුවරු වෙච්ච හැටි.

ලංකාවේ උපකාරක පංති කාර්මාන්තය නියාමනය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම කර්මාන්තය හරහා දෙමාපියන්ගේ රුපියල් බිලියන 200ක පමණ මුදලක් සංසරණය වන බවයි.

අද පවතින තරගකාරී විභාග ක්‍රමය හේතුවෙන් දෙමාපියන් විශාල මුදලක් වියදම් කර තම දරුවන් උපකාරක පන්තිවලට යොමුකරන බවත් විශේෂයෙන්ම 3,4,5 යන ශ්‍රේණිවල , 10,11 යන ශ්‍රේණිවල හා 12,13 යන ශ්‍රේණිවල ළමුන් විශාල ප්‍රමාණයක් උපකාරක පන්ති එකකට හෝ කිහිපයකට සහභාගී වන බව පවසනවා.

එහි සමස්ත වෙළෙඳපොළ වටිනාකම බලන විටදී වාර්ෂිකව රුපියල් බිලියන 200ක පමණ මුදල් හුවමාරුවක් මේ තුළ සිදුවෙන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

එසේම මෙම උපකාරක පන්ති නියාමනයක් මේ වන විට සිදුනොවන බවත් ,උපකාරක පන්ති නියාමනයක් සිදුකර බදු දැලට යටත්වීමක් සිදුවිය යුතු බවත් ඒ මහතා අවධාරණය කරනවා.

ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් මේ වෙලාවේ සිදුනොකරොත් පාසල් අධ්‍යාපනය බිඳවැටී උපකාරක පන්තිවල ගොඳුරක් බවට පාසල් අධ්‍යාපනය පත්විය හැකි බව ඒ මහතා පවසනවා.

එහිදී විශේෂයෙන්ම පවතින තත්ත්වය ගැන පුළුල් අධ්‍යයනයක් සිදුකර දෙමාපියන් උපකාරක පන්ති වෙනුවෙන් දරණ වියදම පිළිබඳ නිසි අවබෝධයක් මෙන්ම දරුවන් උපකාරක පන්තිවලට සහභාගී වන්නේ ඇයි ද යන කාරණා පිළිබඳ සොයාබැලිය යුතු බව ද වසන්ත අතුකෝර මහතා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මෙසේ අදහස් පලකලා.

“අදාළ විෂයන් ෆේල් වුණ අයත් උපකාරක පන්තිවලට ඇවිත් උගන්වන තත්ත්වයට පත්වෙලා. ඒ අයගේ සුදුසුකම් යම් ආකාරයට සොයාබැලිය යුතුයි. යම් නියාමනයක් සිදුවිය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ පෞද්ගලික අධ්‍යාපනයත් ඇතුළත් විය යුතුයි. රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පමණක් අපට හැකියාව ලැබෙන්නේ නෑ රටේ උපකාරක පන්ති ක්‍රියාවලියේ වෙනසක් වෙයි කියලා. මේ උපකාරක පන්ති පවත්වන ගුරුවරු කොහේ හරි ලියාපදිංචි විය යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ ගැන ලොකු කාර්යභාරයක් තියෙනවා.”

විදෙස් ගමන් බලපත්‍රවල කාලය ගැන විශේෂ තීන්දුවක්.

ජූලි 01 වැනිදා සිට කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍රවල කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ.

කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාල සීමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බව පාලක ජනරාල්වරයා පවසනවා.

නොවැම්බර් මාසයේ සිට ඊ පාස්පෝර්ට් නිකුත් කිරීම අරඹනු ලබන අතර සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් ඊ පාස්පොර්ට් ලබා ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මැති ඇමතිවරුන් පනස් හයක් නවාතැන්වලට පොලු තියලා.

මැති ඇමතිවරුන් පනස් හය දෙනකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තිස් හතක පමණ මුදලක් (හිඟකුලි) ගෙවීම පැහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වනවා.

පසුගිය 2015 වර්ෂයේ සිට එන ලක්ෂ දාහතරකට ආසන්න ශේෂ 19ක්ද ඒ අතර වන බව වාර්තාවේ දැක්වෙනවා.

මේ අතර සමුළු නිවාස 35කින් පසුගිය වසරේ දෙසැම්බර් 31 වනවිට ලක්ෂ 23 කට ආසන්න මුදලක් අයකරගෙන නොතිබූ බව සඳහන් කරන වාර්තාව ජයවඩන ගමන නිවාසවල 2012 සිට 2021 දක්වා පදිංචිව සිටි රජයේ නිලධාරින් 18 දෙනෙකුගෙන්ද කෝටියකට ආසන්න මුදලක් අය කරගෙන නොතිබූ බව ප්‍රකාශ කරනවා.

තවද ආයතන තිස් දෙකකින් ගොඩනැගිලි කුලී වශයෙන් කෝටි 33කට වැඩි මුදලක් අමාත්‍යාංශයට ගෙවා නොතිබූ බව වාර්තාවේ සඳහන්.

එම හිඟ කුලී මුදලින් සියයට දහඅටක් එනම් කෝටි හයකට වැඩි මුදලක් අයවීමට ඇත්තේ අමාත්‍යාංශය යටතේ පාලනය වන රජයේ බංගලා සහ නිල නිවාසවලින් බව විගණන වාර්තාව සඳහන් කරනවා.

මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේයි.

බිරිඳ අනියම් පෙම්වතා සමග එනවා දැක “හොල්මන් මන්දිරයක” මළ සිරුරක් නැගිටලා.

සිය අනියම් පෙම්වතා සමඟ නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් බැලීමට ගොස් සිටියදී එහි මිනී පෙට්ටියේ වැතිර සිටි තරුණියගේ විවාහක සැමියා ඇය හඳුනාගෙන පහරදීමට තැත් කිරීම නිසාවෙන් ඇතිවූ ගැටුමකදී අත්අඩංගුවට ගත් දොළොස් දෙනකු ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

අදාළ කාන්තාව සහ මෘත දේහ ලෙස පෙනී සිටි පුද්ගලයා විවාහ ගිවිසගෙන ඇතිමුත් කාලයක සිට වෙන්ව ජීවත්වෙන බවත් නීත්‍යානුකූලව වෙන් වී නොමැති බවත් මෙහිදී කරුණු ඉදිරිපත්ව තිබුණා.

එම කාන්තාවට පහරදීමට තැත් කිරීමත් සමඟ ඇය සමග සිටි අනෙක් තරුණ පිරිස ද හොල්මන් මන්දිරයේ සිටි පුද්ගලයන්ට පහර දීම සමග හොල්මන් මන්දිරයේ හොල්මන් ලෙස සිටි තරුණයන් ද එම පිරිසට පහරදීම නිසාවෙන් විශාල ගැටුමක් ඇතිව තිබෙනවා.

පහර කෑමට ලක්වූ පුද්ගලයන් හය දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව තිබෙනවා.