Home Blog Page 230

ගැබිණි මව්වරුන් හිරු එළියට නිරාවරණය වෙන්න එපා.!

දරු උපත් අපේක්ෂිත මව්වරුන් ( ගැබිනි මව්වරුන්) දැඩි හිරු එළියට නිරාවරණය නොවීමට වගබලා ගන්නැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය අවවාද කරයි.

දැඩි පෑවිල්ල ගැබිනි මව්වරුන් අතර විවිධ ආසාත්මිකතා සංකූලතා ඇතිවීමට ප්‍රබල බලපෑමක් වනු ඇතැයි එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ඊයේ ( 08දා) පැවැසුවාය.

අරුණ කළ විමසීමේදී ඇය පැවැසූවේ දැඩි පෑවිල්ල පවතින සියලුම දිස්ත්‍රික්කවල ගැබිනි මව්වරුන්, ළදරුවන්, දරුවන් හිරු එළියෙන් ආරක්ෂාවීමට පියවර ගතයුතු බවයි.

විශේෂයෙන්ම වයස අවුරුදු පහට අඩු දරුවන් හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීමට දෙමාපියන් වගබලා ගතයුතු බවද ඇය කීවාය.

අව් රශ්මියේ බලපෑමෙන් පිපාසය ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යන බැවින් රස කළ බීමහැර පිරිසුදු ජලය සහ දොඩම් තැඹිලි කුරුම්බා වැනි දියර පානය වැඩි වශයෙන් ගැනීමට උනන්දු වන ලෙසද පැවැසුවාය.

පෑවිල්ලෙන් පරිසරයේ පවතින තෙතමනය සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බවත් පවතින වියළි සුළඟද සමගින් සිරුරේ තෙතමනය සීග්‍රයෙන් පහළ යාමෙන් විජලනය සමග හෝ විවිධ සංකූලතා ආසාත්මිකතා ඇතිවීමේ අවදානමක් හට ගන්නා බවද ඇය පැවැසුවාය.

පවතින තත්ත්වය පහව යනතුරු පාන වර්ග ගැනීම වැඩි වශයෙන් සිදු කරන ලෙසත් පරිසරයට නිරාවරණයවීමෙන් හැකිතාක් වළකින ලෙස අවවාද කළ ඇය විශේෂයෙන්ම ගර්භණී මව්වරුන් ළදරුවන් සහ වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගේ සාමාන්‍ය කටයුතුවල වෙනස්කම් ඇතිවුවහොත් වහාම ආසන්න රජයේ රෝහලට ගොස් උපදෙස් ලබා ගැනීමට උනන්දුවන ලෙසද පැවැසුවාය.

දුම්රිය අ#නතුර සිදුවීම සම්බන්දයෙන් – පොලීසියෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්.

අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුර හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබේ.

ඒ හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ‍පොලීසිය දැනුම් දෙයි.

කොළඹ සිට පස්යාල හන්දියෙන් මීරිගම අධිවේගි මාර්ගය දක්වා ගමන් කරන වාහන පස්යාල හන්දියෙන් ඇතුළුවීමට නොහැකි අතර කොළඹ – මහනුවර මාර්ගය භාවිත කළ හැකිය.

මේ අතර දිවුලපිටියේ සිට ගමන් ගන්නා වාහන මීරිගම නගරයෙන් වමට හැරී දංඕවිට හා වරකාපොළ මාර්ගවලට පිවිස කොළඹ – මහනුවර මාර්ගයට පිවිසිය හැකිය.

මීරිගම අධිවේගි පිවිසුම් මාර්ගයෙන් පිටවී කොළඹ හා දිවුලපිටිය ප්‍රදේශවලට ගමන් කරන වාහන හද්දාමුල්ල හන්දියෙන් වමට හැරී කොළඹ – කුරුණෑගල මාර්ග අංක 5 මාර්ගයට පිවිස ගමන් කළ හැකි බව ද පොලීසිය දැනුම් දෙයි.

අද උදෑසන මීරිගම පොලිස් වසමේ විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක කන්ටේනර් රථයක් ගැටී තිබුණි.

මෙම කන්ටේනර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කරන අවස්ථාවේ දී කන්ටේනර් රථය නැවතීම හේතුවෙන් දුම්රියේ ගැටී අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.

කන්ටේනර් රථයේ රියදුරු එම අවස්ථාවේ දී රථය දමා බැස ඇති බවත් තුවාලකරුවන් කිසිවෙක් නොමැති බවත් පොලීසිය සඳහන් කරයි.

මාර්ගය අවහිර වීම නිසා එම ප්‍රදේශයේ මේ වනවිට වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

“මෙන්න මේ නිසා අනතුර සිදුවෙලා තියෙන්නේ..” මීරිගම දුම්රිය අනතුර සිදුවූ හේතුව මෙන්න.

අද උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුර හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙනවා.මේ හේතුවෙන් මගී ජනතාවට හා රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ‍පොලීසිය දැනුම් දීමක් කරනවා.

වීඩියෝව නරඹා අනතුර සිදුවූ හේතුව ඇතුළු තවත් විස්තර දැනගන්න..

බේබදු පියා මදුවිත බොන්න දියණියගේ පරිගණකය උගස් තියයි.

දියණියගේ අධයාපනය කටයුතුවලට තිබූ පරිඝනකයක් ඇතුළු භාණ්ඩ පියා මත්පැන් පානයට උගස් කර තිබියදී පොලිසිය මැදිහත්ව එය බේරා දී ඇත.

ඉංගිරිය පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම සැකකාර පියා මත්පැනට දැඩිලෙස ඇබ්බැහිවූවකු බවත්, ඔහු විසින් 5 වසර ශිෂ්‍යත්වය වෙනුවෙන් ඉගෙනුම ලබන සිය දියණියගේ ‘ඩෙක්ස්ටොප්’ පරිගණකය සහ බ්ලූටූත් උපාංගය පෝරුවදණ්ඩ ප්‍රදේශයේම ගරාජ කාර්මිකයකු හට උගස්කර මුදල් ලබාගෙන ඉන් මත්පැන් පානය කර තිබූ බවත් පරීක්ෂණ වලදී හෙළිව ඇත.

ඒ අනුව මෙම සැකකරු විසින් පරිගණකය රුපියල් 2000(දෙදහස)කටත්, බ්ලූටූත් උපාංගය රුපියල් 1,500කටත් උගස් කර ඇති අතර, මෙම පුද්ගලයා ඔෆ්සෙට් යන්ත්‍ර ක්‍රියාකරුවකු බවත්, මේ දිනවල ව්‍යාපාර කටයුතු අඩපණවීම නිසා මුදල් අඟහිඟතාව හේතුවෙන් නිවසේ බඩුබාහිරාදිය උගස්කර මෙලෙස මුදල් ලබාගැනීමට ඔහු පෙළඹ ඇති බවත් පොලිසිය පවසයි.

ධම්මික පෙරේරාට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න සාකච්ඡා.

මෙරට ධනවත්ම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මූලාශ්‍රය – නෙත් නිව්ස් ( කණින් කොනින්)

පාර්ලිමේන්තුවේ පිරිමි ගණිකාවෙක් ඉන්නවා. චාමර සම්පත් හෙළි කරයි.

පාර්ලිමේන්තුවේ පිරිමි ගණිකාවන් සිටින බවත් එම පිරිස අනාගතයේ නායකයන් වෙන්න බලාපොරොත්තුව සිටින බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

කන්කසන්තුරේ යකඩ කර්මාන්තශාලාවේ යකඩ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල කරන්නේ එම පිරිස් විසින් බවද ඔහු පැවසීය.

මේ පිලිබදව පරීක්‍ෂණ කරන්නැයි පොලිස්පතිවරයාට අවස්ථා කිහිපයකදීම පැමිණිලි කර ඇති බවත් ඔහු සඳහන් කරන ලදී.

රාජ්‍ය ඇමතිවරයාගේ එම ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ දී දැඩි විරෝධයක් එල්ල වූ අතර මූලාසනයද ඔහුට අවවාද කරනු ලැබීය.

මීරිගමදී දුම්රියක කන්ටේනර් රථයක් ගැටෙයි.නවතම දර්ශණ මෙන්න.

අද (09) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුරක් සිදුව තිබෙනවා.මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ..එම ස්ථානයේ නවතම තත්වය මෙන්න.

පාසල් ළමුන් 60ක් රෝහලට යැවූ කඳානේ ගින්න. දැන් තත්වය මෙන්න.

කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (08) පෙරවරුවේ හටගත් ගින්නකින් එහි සේවකයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි.

ගින්නත් සමඟ හටගත් දුම ආඝ්‍රාණය වීමෙන් අවට පාසල් 3ක සිසුන් 60කට අධික පිරිසක් රෝගී වී රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණි.

කඳාන දැවතොටුපල පාර ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක අද උදෑසන 7.30ට පමණ ගින්න හටගෙන තිබුණි.

ගින්න හටගන්නා අවස්ථාවේ එක් පුද්ගලයෙක් පමණක් කර්මාන්ත ශාලාවේ සිට ඇති අතර ගින්නට හසුවීමෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි.

එලෙස මියගොස් ඇත්තේ එම කර්මාන්තශාලාවේ ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකි.

වැලිසර නාවික හමුදා නිලධාරීන්, මීගමුව සහ ගම්පහ ගිනිනිවීමේ ඒකකවල නිලධාරීන් ගින්න මැඩ පැවැත්වීම සඳහා පැය 2කට අධික කාලයක් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණි.

කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කර ඇති අතර ගින්නෙන් එම ගබඩාව මුළුමනින්ම විනාශ වී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

මේ අතර කර්මාන්ත ශාලාවේ හටගත් ගින්නෙන් පසු එහි දුම ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබූ අතර කර්මාන්ත ශාලාවට නුදුරින් පිහිටි පාසල් 3කටද දුම ව්‍යාප්ත වී තිබුණි.

ශාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලය, ශාන්ත සෙබස්තියන් ප්‍රාථමික බාලිකා විද්‍යාලයේ හා ශාන්ත සෙබස්තියන් පිරිමි ප්‍රාථමික අංශයයේ සිසුන් 60කට අධික පිරිසක් දුම ආඝ්‍රාණය වීමෙන් ස්වසන අපහසුතා ඇති වී රාගම රෝහල වෙත ඇතුළත් කෙරුණි.

ජාඇළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් සිසුන් රෝහල්ගත කිරීම සඳහා සහාය දැක්වා තිබේ.

අනෙක් සියලු සිසුන් මව්පියන් වෙත භාරදීමට පාසල් කාර්යමණ්ඩලය පියවර ගත්තේය.