Fri. May 17th, 2024

දියණියගේ අධයාපනය කටයුතුවලට තිබූ පරිඝනකයක් ඇතුළු භාණ්ඩ පියා මත්පැන් පානයට උගස් කර තිබියදී පොලිසිය මැදිහත්ව එය බේරා දී ඇත.

ඉංගිරිය පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම සැකකාර පියා මත්පැනට දැඩිලෙස ඇබ්බැහිවූවකු බවත්, ඔහු විසින් 5 වසර ශිෂ්‍යත්වය වෙනුවෙන් ඉගෙනුම ලබන සිය දියණියගේ ‘ඩෙක්ස්ටොප්’ පරිගණකය සහ බ්ලූටූත් උපාංගය පෝරුවදණ්ඩ ප්‍රදේශයේම ගරාජ කාර්මිකයකු හට උගස්කර මුදල් ලබාගෙන ඉන් මත්පැන් පානය කර තිබූ බවත් පරීක්ෂණ වලදී හෙළිව ඇත.

ඒ අනුව මෙම සැකකරු විසින් පරිගණකය රුපියල් 2000(දෙදහස)කටත්, බ්ලූටූත් උපාංගය රුපියල් 1,500කටත් උගස් කර ඇති අතර, මෙම පුද්ගලයා ඔෆ්සෙට් යන්ත්‍ර ක්‍රියාකරුවකු බවත්, මේ දිනවල ව්‍යාපාර කටයුතු අඩපණවීම නිසා මුදල් අඟහිඟතාව හේතුවෙන් නිවසේ බඩුබාහිරාදිය උගස්කර මෙලෙස මුදල් ලබාගැනීමට ඔහු පෙළඹ ඇති බවත් පොලිසිය පවසයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *