Home Blog Page 36

ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල ශක්තියක් වන ලිට්රෝ ගෑස් සමාගම.

ඕනෑම රට ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයට විශාල ශක්තියක් සහ සහයෝගයක් ලබාදෙන්නේ නිෂ්පාදන සහ කර්මාන්ත කියන අංශ දෙක.මේ අංශ දෙකේ කාර්යක්ෂමතාවය ඇණ හිටියොත් අනිවාර්යෙන්ම ඒක රටේ ආර්ථිකයට විශාල වශයෙන් බලපානවා.

ඉතින් පසුගිය කාල සීමාවේදී ලංකාවේ අපිටත් ආර්ථික උද්ධමනය කියන ගැටළුවට තදින් මුහුණ දෙන්න සිදු වුණා.ඒ අතරින් රාජ්‍ය ආයතන පවා කඩා වැටුණු වකවානුවක ස්ථීර ප්‍රතිපත්තියක් යටතේ පාරිභෝගිකයන් සුරකිමින් ඒ වගේම කර්මාන්තකරුවන් නිෂ්පාදකයන් දිරිමත් කරමින් තම සේවාව ලබා දුන් ආයතනයක් ලෙස ලිට්රෝ සමාගම හඳුන්වන්න පුළුවන්.ඇත්තටම එතෙක් මෙතෙක් කාලය තුළ ලිට්රෝ  සමාගම ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල ශක්තියක් වුණා. ඉතින් ඒ පිළිබඳව දැනුවත් කරන්න තමයි මේ සූදානම.

කර්මාන්ත සහ නිෂ්පාදන ආයතනවල නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම

ඇඟලුම් කර්මාන්තය,යකඩ,හෝටල් සහ ආපනශාලා වැනි විවිධ ක්ෂේත්‍රයන්වල ව්‍යාපාර පවත්වා ගැනීම සඳහා විශාල වශයෙන් අවශ්‍ය කරන ඉන්ධනයක් තමයි ගෑස් කියන්නේ.ඉතින් මේ ගෑස් සැපයුම නිසියාකාරයෙන් සිදු නොවුනහොත් මේ සියලුම ආයතනවල ක්‍රියාකාරිත්වයන් ඇණ හිටිනවා.නමුත් සැම විටම ලිට්රෝ  සමාගම ව්‍යාපාර සහ නිෂ්පාදන ආයතන වලට අවශ්‍ය කරන ගෑස් තොග අවශ්‍ය ප්‍රමාණයෙන්ම ආනයනය කිරීමට නිසි ආකාරයෙන් පියවර ගැනීම සිදුකරයි.එකී ක්‍රියාවලිය හේතුවෙන් නිෂ්පාදන සහ කර්මාන්ත අංශයෙන් අතිවිශාල ආර්ථිකමය ලාභයක් එකතු කර ගැනීමට හැකියාව ලැබේ.

සෘජු සහ වක්‍ර රැකියා රැසක් ලබා දීම

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක මූලික වශයෙන්ම රැකියාවක් හොයාගන්නවා කියන්නේ කළුනික හොයනවා වගේ අමාරු වැඩක්.ඉතින් උගත් බුද්ධිමත් ඒ වගේ මේ සඳහා සුදුසුකම් සැපිරූ තරුණ ප්‍රජාවට ලිට්රෝ සමාගම  තමන්ගේ ආයතනය විවෘත කළා.ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ දැනුමට සහ අත්දැකීම් වලට ගැලපෙන ආකාරයේ තනතුරු ලබාදෙන්නත් ඔවුන් අමතක කළේ නැහැ.ඊට අමතරව ගෑස් ප්‍රවාහනය ,ගෑස් ඇසිරීම, ගබඩා කිරීම වැනි ක්‍රියාවලින් සඳහාත් සේවකයන් විශාල ප්‍රමාණයක් බඳවා ගැනීම තුළින් වක්‍ර රැකියා රැසක් ලබාදීමටත් ලිට්රෝ සමාගම සමත් වුණා.එම නිසාම ශ්‍රී ලංකා ආර්ථිකය තුළ විරැකියාව දුරලීම සඳහා යම්කිසි සේවයක් කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණු බවත් සිහිපත් කළ යුතුමයි.

දැරිය හැකි පහසු මිල ගණන් යටතේ නිෂ්පාදිත අලෙවි කිරීම.

ආර්ථිකයක ප්‍රධානම ජන කොට්ඨාසයක් තමයි පාරිභෝගිකයන්  කියන්නේ.පාරිභෝගිකයන්ගේ දෛනික ආදායමට ගැළපෙන ආකාරයෙන් තමයි රටක ආර්ථිකයක භාණ්ඩ හා සේවා හුවමාරු විය යුත්තේ.එම නිසාම ලිට්රෝ  ආයතනය ජාත්‍යන්තර වෙළඳපළේ  ගෑස් සිලින්ඩරයක මිල කෙතරම් ඉහළ ගියත් අත්තනෝමතික ලෙස මිල වැඩි නොකර ජනතාවට ගැලපෙන පහසු ආකාරයෙ මිලක් නියම කිරීමට නිරන්තරයෙන්ම උත්සුක වුවා.එකී වාසි සහගත තත්ත්වය නිසාම සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ගෘහණියන්ට ඒවගේම ස්වයං ව්‍යාපාරවල නිරත පුද්ගලයන්ට එය විශාල සහයෝගයක් වූ බවත් මතක් කළ යුතුමයි.

ලාභාංශ වලින් කොටසක් රජයේ භාණ්ඩාගාරය වෙත ලබාදීම.

පසුගිය කාල වකවානුව තුළදී දරුණු ආර්ථිකමය ගැටලු ප්‍රශ්න හමුවේ උනත් ලිට්රෝ සමාගම ආයතනයක් ලෙස ඉහළ ලාභයක් ඉපයීමට සමත් වූ අතර ඉන් මිලියන 3000ක  කොටසක් රජයේ භාණ්ඩාගාරය වෙත ලබාදීමටත් කටයුතු කළා.

ඉතින් ඉහත සඳහන් කළ කරුණුවලට අනුව රටක් දියුණුව සහ සංවර්ධනය කරා යන ගමන් මගක මෙවැනි ලාභ ලබන රාජ්‍ය ආයතන තව තවත් දියුණු වෙමින් ඉදිරියට යා යුතුමයි.

නිධාන මැණික් අලෙවි කරන්න ගිය හයක් අත්අඩංගුවට. වටිනාකම කෝටි 13ක්.

නිධානයකින් ගත් බව පවසමින් මැණික් ගල් 14ක් අලෙවි කිරීමට උත්සහ කළ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවක් ඇතුළු හය දෙනෙකු මෙලෙස සිය භාරයට ගත් බවයි, පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් හිනිදුම, ගාල්ල, හෙයියින්තුඩුව, වැනි ප්‍රදේශවල පදිංචි අවුරුදු 35- 49 ත් අතර වයස කාණ්ඩවල පසු වූවන් බව සඳහන්.

ඔවුන් අදාළ මැණික් ගල් 14 රුපියල් කෝටි දහ තුන හමාරකට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවට මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

ලද තොරතුරක් මත උපාය දූතයකු මගින් මෙම පුද්ගලයින් කටුගස්තොට පැරැණි පාලම අසලට ගෙන්වා ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

ඉන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන මැණික් ගල් 14 ක් ඩිජිටල් තරාදියක් කුඩා විදුලි පන්දමක් ද සොයා ගැනීමට පොලීසිය සමත් වූ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ජනාධිපති මැතිවරණය ඔක්තොබර් 17..?

ජනාධිපති මැතිවරණය මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාලිය නොහැකි බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

විජයදාස රාජපක්ෂ මහතා ඒ බව කියා සිටියේ කඳුරට ජනතා පෙරමු‍ණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වි රාධාක්‍රිෂ්ණන් මහතා හැටන් නගරයේ පැවැත්වූ එම පක්ෂයේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙවර ජනාධිපති මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මැතිවරණයේ තීරණාත්මක ශක්තිමත් පක්ෂයක් ලෙස කටයුතු කරන බවයි.

ජවිපෙ අපේක්ෂකයා එක්වූ කතාව බොරුවක් – සජිත් සමග එක්වී ඇත්තේ නිදහස් පක්ෂයේ අයෙක්.

සමගි ජන බලවේගය විසින් පවත්වන “ජන පවුර” වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරයෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමග එක්වූ පුවත අසත්‍යක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ඊයේ පැවති ජන හමුවක දී කරුණු අනාවරණය කළා.

ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි එච්. සමන්ත බණ්ඩාර මහතා ද මෙලෙස සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගත් පිරිස අතරට සිටින බව පැවසුව ද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයා පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිට ඇත්තේ නිදහස් පක්ෂයේයි.

ජනප්‍රිය නිලි නිත්‍යා දේවින්දි පුංචි දෝනිගේ පලමු උපන්දිනය ජයටම සමරපු හැටි.

ජනප්‍රිය නිලි නිත්‍යා දේවින්දි ගැන හැමෝම වගේ දන්නවා. ඇය ආදරණිය මවක් සුරතල් සිගිති දියණියක් ඇයට සිටිනවා. චුටි දෝනිගේ පළමු උපන්දිනය කලාතරු පිරිවරාගෙන සමරා තිබුනේ මෙලෙසින්.

මෙවර කුණාටු වඩාත් ප්‍රචණ්ඩකාරී වෙයි

මෙවර අත්ලාන්තික් සුළි කුණාටු සමයේදී වඩාත් ප්‍රචණ්ඩකාරී සුළි කුණාටු වාර්තා විය හැකි බවට අමෙරිකානු ජාතික සාගර සහ වායුගෝලීය අධිකාරිය පුරෝකතනය කරයි.

කාලගුණ විපර්යාස ඊට හේතුව ලෙස බලධාරීන් පෙන්වා දෙයි.

අත්ලාන්තික් සුළි කුණාටු සමය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ජූනි පළමු සතියේ දී ය.

බලධාරීන් පුරෝකතනය කරන්නේ මෙවර කුණාටු සමයේදී කුණාටු 25කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවිය හැකි බවය.

ඒ අතරින්, සියයට 85ක් පමණ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ප්‍රචණ්ඩකාරී වනු ඇතැයි ඔවුන් පවසයි.

ඉන් ආසන්න වශයෙන් කුණාටු 7ක් පමණ තෙවන මට්ටමේ හෝ ඊට ඉහළ මට්ටමේ වඩාත් ප්‍රචණ්ඩකාරී කුණාටු වනු ඇතැයි සඳහන් ය.

මෙම තත්ත්වයට හේතුවන්නේ පොළොව මතුපිට සිසිල් වීමට හේතුවන ලා නීනා කාලගුණ සංසිද්ධියයි.

ඉන් වැඩි බලපෑමක් එල්ල වන්නේ කවර රටවලටද යන්න පුරෝකතනය කළ නොහැකි බව බලධාරීන් තවදුරටත් පෙන්වා දෙයි.

2023 වසරේ දී සුළි කුණාටු 20ක් වාර්තා වූ අතර ඒ අතරින් 14ක් වඩාත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබුණි.