Home Blog Page 38

ගුවන් යානයක කැළඹීමෙන් මියගියේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් – 71කට තුවාල.

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී මියගිය පුද්ගලයා 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගුවන් යානය තුළ ඇතිවූ මෙම කැලඹිලිසහගත තත්ත්වය හේතුවෙන් තවත් ගුවන් මගීන් 71 දෙනෙකු තුවාල ලැබුවා.

මැලේසියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, ස්පාඤ්ඤය, එක්සත් ජනපදය සහ අයර්ලන්තය යන රටවල පුරවැසියන් මෙලෙස තුවාල ලබා තිබෙනවා.

ඉන් ගුවන් මගීන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

මෙම තත්ත්වය ඇතිවන අවස්ථාවේ එම යානයේ මගීන් 211 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 18 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම තත්ත්වයෙන් පසුව බොයිං වර්ගයේ මෙම ගුවන් යානය බැංකොක් වෙත හරවා යවා ඇති බවයි.

ගුවන්යානය හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා ඇති අතර ගොඩබෑමට මිනිත්තු 10කට පෙර මෙම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මගීන් 211 දෙනාගෙන් 131 දෙනෙකු පසුව සිංගප්පූරු ගුවන් සේවයට අයත් වෙනත් යානයකින් ගමනාන්තය වෙත යොමුකර තිබෙනවා.

මිරිස් කුඩු, කහ කුඩු, අතරේ කොකේන් ගෙනා කාන්තාවක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට.

කොකෙන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පිලිපීන ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ රේගුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී ඇය සතුව තිබී කොකේන් කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 851 ක් සොයාගෙන ඇත.

මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 200කට අධික බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

ඉතියොපියාවේ අඩිස් අබාබා සිට ඩෝහා – කටාර් හරහා මෙම කාන්තාව මෙරටට පැමිණ ඇති බව ඇත.

ඇය සිය ගමන් මල්ල තුළ මිරිස් කුඩු, කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03 ක් සමග මෙම කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 සඟවා රැගෙනවිත් තිබුණා.

ඇය පිලිපීනයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන සහකාර ගණකාධිකාරීවරියක්.

එම සැකකාර කාන්තාවගේ මිතුරියක් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් කළ දැනුම්දීමකට අනුව මෙලෙස මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇති බවට හෙළිවී තිබෙනවා.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ ඒ සඳහා ඇයට අමෙරිකානු ඩොලර් 1,000ක මුදලක්, ගුවන් ප්‍රවේශ පත්‍ර සහ දින 5ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල්වල නැවතීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

මීන ලග්න හිමියන් ධනය පරිස්සම් කරගන්න, අද දවස ඔබට කොහොමද..?

මේෂ
අවිවේකි දිනකි. ගමන් බිමන් වැනි දේ බහුල වේ. ආගමික උත්සව සංවිධාන ක්‍රියාවන්හි යෙදේ. තම ඥාති මිත්‍රාදින් ඒකරාශිව ක්‍රියා කරයි. දුරගමන් සංවිධානයට හේතුයි. ශිරෝගත රෝග මතු කරයි.

ශුභ වර්ණය – රතු/ ජය අංකය – 05

වෘෂභ
ක්‍රියාශීලි දිනකි. පොදු සේවා කටයුතු සමාජ ඒකීකාරක ක්‍රියා වැනි දේවල් යෙදේ. උත්සව සාද යෙදේ. නව නිපැයුම් දියත් කරයි. දහමට අවතීර්ණ නව ක්‍රියා කරන දිනකි. සෙම් බහුල රෝග මතු කරයි.

ශුභ වර්ණය – තැඹිලි/ ජය අංකය – 03

මිථුන
ක්‍රියාශීලි දිනකි. රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. ආගමික උත්සව සංවිධානයට හේතුයි. ලිපි ලේඛනවලින් ජයගෙන දෙයි. සතුරු බලපෑම් එල්ල වීමට ඉඩ තිබේ. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.

ශුභ වර්ණය – කොළ/ ජය අංකය – 07

කටක
ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. ආගමික ක්‍රියාවන්වල නියැලෙන අතර ගමන් බිමන්ද බහුල වෙයි. ඥාති මිත්‍රාදින් සමීප වන කරුණු කාරණා යෙදේ. තරමක් වැයපස ඉහළ යන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග, වාත රෝග මතු වේ.

ශුභ වර්ණය – රෝස/ ජය අංකය – 04

සිංහ
ක්‍රියාකාරි දිනකි. වෙළඳ ව්‍යාපාරවලට තිබූ බාධක ඉවත් කරගැනීමේ ශක්තිය ඇති වෙයි. පොළවෙන් ලබන ලාභ ලැබීම් ඇතිවෙයි. විදෙස් ගමන් සඳහා යොමු වීමට අවශය ක්‍රියා කිරීම ශුභයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු වෙයි.

ශුභ වර්ණය – දම්/ ජය අංකය – 01

කන්‍යා
ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකි බවින් අතපසු වීම් ඇතිවෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු තම අඩු පාඩු විවේචනයට හේතු බැවින් බුද්ධිමත් විය යුතු හදිසි ධන ලාභද ලබයි. සෙම් කෝප රෝග මතු කරයි.

ශුභ වර්ණය – රන්වන්/ ජය අංකය – 02

තුලා
ක්‍රියාකාරි දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඇති වෙයි. තමන් විවේදනයට ලක්වෙයි. දුරදිග බලා තීන්දු තිරණ ගැනීම මැනවි. ගමන් බිමන් යෙදේ. ප්‍රවේශමෙන් ක්‍රියා කළ යුතුය. සන්ධි ප්‍රදාහ රෝග මතු වේ.

ශුභ වර්ණය – සුදු/ ජය අංකය – 06

වෘශ්චික
සාදු ගුණයෙන් ක්‍රියාකරයි. ඇසුරු කරන්නන් අතර මතවාද පැන නඟී. අපක්ෂපාතීව තීරණ ගත යුතු දිනකි. බන්ධු වර්ගයා උදෙසා තරමක් වැයපස ඉහළ යයි. ඉවසීම මැනවි. උදරාබාධ, මූල රෝග මතු වේ.

ශුභ වර්ණය – දුඹුරු/ ජය අංකය – 09

ධනු
තම අභිමතයට වැඩ කිරීමෙන් සතුරු බලපෑම් වර්ධනය වෙයි. හිත් කලකිරීම් ඇති කරවන ක්‍රියාවන්හි යෙදේ. වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. තම වෙළඳ ව්‍යාපාරවල තරමක් අවාසි ගෙනදෙයි. සිරසගත රෝගද දෙයි.

ශුභ වර්ණය – ලාකොළ/ ජය අංකය – 01

මකර
ගමන් බිමන් අධික වන අතර වැය පසද නොසිතූ ලෙස ඇති වෙයි. ප්‍රේම සබඳතාවලට බාධා එල්ල වෙයි. ඇසුරු කරන්නන් සමඟ කතාවේදී ප්‍රවේශම් වීම මැනවි. අමතර ලාභ ලැබීම් ඇති වෙයි. සෙම් කෝප රෝග දෙයි.

ශුභ වර්ණය – තද දුඹුරු/ ජය අංකය – 08

කුම්භ
රාජකාරිවලදී කැපී පෙනෙයි. අමතර වැය වීම් මත ණයතුරුස්වලට හේතු බැවින් බුද්ධිමත්වීම මැනවි. වාද විවාද වීම් ශුභවාදි නොවේ. දහමට ලැදිව ක්‍රියා කරයි. හදිසි ධන වාසනා ලබයි. ආමාශගත රෝග මතු කරයි.

ශුභ වර්ණය – නිල්/ ජය අංකය – 05

මීන
වෙළඳ ව්‍යාපාරවලින් තරමක් ජය ඇතිවෙයි. තම ශක්තියෙන් කරන ක්‍රියාවන් ජයවෙයි. රාජකාරි ස්ථානවල කැපී පෙනෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. බලාපොරොත්තු රහිත ලෙස වැය වෙයි. සන්ධි රෝග, ඉදිමුම් රෝග මතු වේ.

ශුභ වර්ණය – කහ/ ජය අංකය – 09

සංහිදියාවේ අදහස් විමසුමේ දී නැවත විවාහ වීම සඳහා සහනකට යෝජනාවක්..

කොමසාරිස්වරුන් තෝරා ගැනීමේදී කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම සඳහා මෙන්ම වැන්දඹු කාන්තාවන් සඳහා දීමනා හා වැටුප්වලින් 50%ක අයිතියක් සහිතව නැවත විවාහ වීම සඳහා සහන සැලසෙන අයුරින් නීති සංශෝධනය කිරීම සඳහාද යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

මෙය යෝජනා වී ඇත්තේ ජනවාර්ගික ගැටුම් සහ යුද්ධයෙන් පසුව ඇති වූ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගීම සහ ඒ සඳහා අවධානය යොමු කිරීමේ උත්සාහයක් ලෙස, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) කොමිෂන් සභාව විසින් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලද රැස්වීම් තුනක් හරහා පාර්ශවකරුවන්ගේ අදහස් විමසීමේ දී.

රාජ්‍ය නිලධාරීන්ගේ සිට බිම් මට්ටමේ සංවිධාන දක්වා සමාජයේ පුළුල් පරාසයක පිරිසක් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ බිම් මට්ටමේ සංවිධානවල සාමාජිකයන් ඇතුළු පිරිසගේ අදහස් ලබා ගැනීම සිදු කෙරිණා.

සංහිඳියා ක්‍රියාවලියේදී දේශීය ඉදිරි දර්ශනවල වැදගත්කම පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් වැඩබලන ලේකම් සී.පී.රාජකරුණා සහ දිස්ත්‍රික් පරිපාලනය විසින් මෙහිදී කරුණු අවධාරණය කෙරුණා.

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් සභාවල දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් මෙහිදී ඒකාබද්ධ පළාත් උපාය මාර්ගවල අවශ්‍යතාව අවධාරණය කරමින් පිරිස වෙත ඒ පිළිබඳ අවබෝධයක් ලබා දී තිබෙනවා.

හිටපු හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ප්‍රජා පාර්ශ්වකරුවන් විසින් සමාජ දුක්ගැනවිලි විසඳීම සඳහා අත්‍යවශ්‍ය වන බිම් මට්ටමේ ක්‍රියාකාරකම් පිළිබඳ ව ප්‍රධාන වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇත්තේ.

මීට අමතරව, ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීමෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල විවිධ ගැටළු විසඳීම සඳහා වන අවශ්‍යතාව ද අවධාරණය කෙරිණා.

තෙවන වරටත් දීග ගිය මාධවිගේ Wedding Shoot එක

මාධවී වත්සලා ඇන්තනි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ගැන හැමෝම වගේ දන්නවා. ඔන්න එයා තෙවන වරටත් විවාහ වෙලා ඒලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක් වන කසුන් හිනටිගල සමගින්. ඒ අවස්ථාවේ සොදුරු දසුන් පහත විදියෝවෙන් නරඹන්න.

ඡන්දය කල්දැමීමට එරෙහි පෙත්සම් විභාගය කල් දමයි.

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සම් විභාගය කල් දමා තිබෙනවා.

මේ මස 29 වනදා දක්වා එය කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළ බව සඳහන්.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ගාමිණී අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

කෙසේ වෙතත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද දින නිසියාකාරව සංයුක්ත වී නොමැති වීම ඊට හේතුව බව සඳහන්.

2023 වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම අත්තනෝමතික ලෙස කල් දැමීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.