වෙඩිල්ලක් වැරදී ජගත් මනුවර්ණ අනතුරකට ලක් වේ.

චමින්ද ජයසූරියගේ ෆාදර් සිනමාපටයේ රූගතකිරීම් රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය ආශ්‍රිතව සිදු කෙරෙනවා. ඊයේ (28) රූගත කරනු ලැබූ වෙඩි තැබීමේ දර්ශනයකදී වැරදීමකින් එහි රංගනයේ යෙදෙන ජගත් මනුවර්ණ අනතුරකට ලක් වූ බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා තිබෙන අතර සිදුවී ඇත්තේ සුළු තුවාළ බවත් ඔහුගේ තත්වය බරපතල නැති බවත් ආරංචි මාර්ග පැවසුවා.

පසුගිය දා තිරගත කිරීම් ඇරඹූ ෆාදර් සිනමාපටය ක්‍රියාදාම ගණනාවක් සහිත එකක් බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් වෙඩි පිපිරවීම් සිදුකළ ශිල්පියා අතින් සිදු වූ අතපසුවීමක් මෙයට හේතුව බව වාර්තා වුණා

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *