මුහුද රළුවීම ගැන අවවාදාත්මක නිවේදනයක්.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

ඒ අනුව, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයවල මුහුදු රළ, උස මීටර් (2.5 -3.0) ක් පමණ සහ තරංග කාලය තත්පර (12 – 16) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව සඳහන් වේ.

එසේම කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව ද පවතින බව එම නිවේදනයේ දැක්වෙයි.

එබැවින් කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය විටින් විට රළු විය හැකිය.

එම නිසා මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතුවල ‍යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනමෙන් ඉල්ලා සිටියි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *