Sat. May 18th, 2024

සංසරණය සඳහා නුසුදුසු රුපියල් බිලියන අසූවකට ආසන්න මුදල් නෝට්ටු තොගයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් වසරේදී (2023) ගිනි තබා විනාශ කර ඇත.

මහ බැංකුව විසින් නියමකර ඇති යෝග්‍යතා ප්‍රමිතීන්ට අනුකූල නොවන තත්ත්වයේ තිබූ රුපියල් බිලියන 79.82ක මුදල් නෝට්ටු මෙලෙස ඉකුත් වසරේදී විනාශ කර තිබේ.

මහ බැංකුව විසින් ඉකුත් වසරේදී නව ව්‍යවහාර මුදල් නෝට්ටු මිලියන 250 ක් ඇණවුම් කර ඇති අතර, ඒ අනුව රුපියල් බිලියන 469.28ක වටිනාකමකින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටු සහ රුපියල් මිලියන 571.95ක වටිනාකමකින් යුතු කාසි සංසරණය සදහා නිකුත් කර තිබේ.

මෙරට මුදල් සංසරණය ඉකුත් 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මුදල් සංසරණය ඉකුත් 2022 වසරේදී සියයට 2.1ක පැවැති වර්ධනය 2023 වසර වන විටදී සියයට 15.6ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව ඉකුත් වසරේදී (2023) රටේ සංසරණය වී තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,186.5කි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *