පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් ද.? හිටපු ජනපති දුන් පිළිතුර.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු තම පක්ෂයෙන් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (03) කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

එමෙන් ම වත්මන් ජනාධිපතිවරයා තම පක්ෂයේ සහාය ඉල්ලා නොමැති බව ද ඔහු අවධාරණය කළා.

එහි දී මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නාමල් රාජපක්ෂ මහතා හට තවත් කාලයක් බලා සිටිය යුතු බවයි.

කෙසේ වෙතත් අදාළ තීරණය පක්ෂය විසින් ගත යුත බව ද ඔහු අවධාරණය කළා.

ජනාධිපතිධුර අපේක්ෂකයා තරුණයෙක් හෝ මධ්‍යම වයසේ අයෙකු විය හැකි බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *