9,770කට පොදු සමාව.

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසයි.

අප්‍රේල් මස 20 වනදා සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන් හා සෙසු නිලයන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව එම පොදු සමා කාලය තුළ මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 9,770 දෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

යුද හමුදා සාමාජිකයින් 9,735 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිව ඉවත් කිරීම සිදුකර ඇති බවද වාර්තාවෙයි.

ඊට අමතරව නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර දැනට විදෙස්ගතව සිටින යුද හමුදා සාමාජිකයින් 35 දෙනෙකු ද යුද හමුදා සේවයෙන් නිත්‍යානුකූලව ඉවත්කිරීම සඳහා කටයුතු කර ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළේය.

මෙම පොදු සමා කාලය මැයි මස 20 වනදා දක්වා ක්‍රියාත්මකය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *