සැමියා සහ බිරිඳගේ ආරවුලකට පොලිසියෙන් වෙඩි.

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ වාද්දුව , මොල්ලිගොඩ , සමාන්තර පාරේ පදිංචි පුද්ගලයෙක් පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සිය බිරිඳට හිරිහැර සිදු කරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් ඇති අතර ඔහුව පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා තිබුණා.

එම පුද්ගලයාගේ බිරිඳ බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *