Sun. May 19th, 2024

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමි ජීප් රථයක් අලුත්වැඩියාව සඳහා වසර දෙකකට වැඩි කාලයක් වෙනත් ස්ථානයක තබා ගාස්තුව ලෙස රුපියල් ලක්‍ෂ 26 ක මුදලක් ගෙවා ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.

අදාල ජීප් රථයේ එන්ජිම අලුත්වැඩියා කළේ යැයි ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරීන් පැවසුව ද එම ධාවනය කළ නොහැකි බව ද කියන සේවකයෝ එම රථය මඟ නවතින බව ද සඳහන් කරති.

එම රථයේ අලුත්වැඩියාවට ගෙවා ඇති ලක්‍ෂ 26 ට එම වර්ගයේම පාවිච්චි කළ ධාවනය කළ හැකි රථයක් මිලදී ගත හැකි බව ද සේවකයෝ සඳහන් කරති.

එම සංස්ථාව සතු තවත් වාහන තුනකට ද මේ ආකාරයටම මුදල් නාස්ති කර ඇති බව ද කියන සේවකයෝ පවසන්නේ බලධාරීන් මෙවැනි ගණුදෙනු පිළිබඳව නිසි පරීක්‍ෂණයක් කළ යුතු බවත්ය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *