Sun. May 19th, 2024

35 හැවිරිදි වියේ විවාහක කාන්තාවක් නිවසක කාමරයක දින 3ක් තිස්සේ රඳවාගෙන කපුවකු යාතිකා කරමින් ඇය දූෂණය කිරීමේ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

දරුවන් නොමැති වීම නිසා සැමියා එම අපල දුරු කර ගැනීමට යැයි කියා ඔහුගේ බිරිය මෙම කපුවාට පෙන්වා ශාන්තිකර්මයක් කර ගැනීමට කපුවා නිවෙසට ගෙන්වාගෙන තිබෙනවා.

රූමත් කාන්තාව දුටු කපුවා ඇයට දේව වරමකින් දරුවන් ලබාදිය හැකි බව ස්වාමියාට පවසා තිබෙනවා.

කපුවාගේ මුසාබස් වලට රැවටුනු ස්වාමිපුරුෂයා ඔහුට කැමැත්ත ලබාදී තිබෙනවා.

පුද පූජා පවත්වා දින 3කට පසු ව ඇයට දේව වරමෙන් දරුවෙකු කුසට ලැබෙන බවත්, කාන්තාව සමග තනිව නිවසේ සිටීමට අවශ්‍ය බව ලැබෙන බව කපුවා පැවසීමෙන් පසු ව කපුවා එම කාන්තාව සමඟ නිවසේ කාමරයක එම කාලය ගත කර ඇත.

තුන්වන දින රාත්‍රියේ ස්වාමිපුරුෂයාට නිවසින් පිට වෙනත් ස්ථානයක නැවතී සිටින ලෙසට පවසා තිබෙනවා.

කපුවාගේ කීමට ස්වාමිපුරුෂයා අවනත වුවද බිරිය ඊට අකමැත්ත පල කර තිබෙනවා.

ස්වාමිපුරුෂයාගේ බලකිරීම මත කාන්තාව ඊට අවසානයේ කැමැත්ත ලබා දී තිබෙනවා.

ඒ අනුව තුන්වන දින රාත්‍රියේ කාන්තාවට කාමආශාවන් ඇතිවන ආකාරයේ පානයක් ලබාදීමෙන් පසු ඇය සිහිවිකල් කළ කපුවා රූමත් කාන්තාව බරපතල ලෙස දූෂණයට ලක් කර තිබෙනවා.

තමන්ගේ කීමට යටත් නොවුනහොත් සැමියාට දඩුවම් දෙන බව පැවසීමත් සමග ඇය කපුවාගේ ආශාවන් කැමැත්තෙන් සංසිදුවා තිබෙනවා.

අනතුරුව කපුවා ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

පසුදා අළුයම සැමියා නිවසට පැමිණෙන විට බිරිය නිරුවත්ව ඇදමත සිටින අයුරු දැක දැඩි ලෙස කම්පනයට පත්ව තිබෙනවා.

අනතුරුව මේ පිළිබදව පොලීසියට පැමිණිලි කිරීමට ද කපුවා කුමන ප්‍රදේශයේ ද නම කුමක්ද වත් නොදත් මෙම යුවළ දැඩි ලෙස අසරණයට පත්ව තිබෙනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *