Sun. May 19th, 2024

චොක්ලට් එකක් තුළ තිබි මිනිස් ඇඟිල්ලක කොටසක් හමු වී තිබෙනවා. රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවය කරන නිලධාරිනියක විසින් ඊයේ (05) දිනයේ මහියංගණය රෝහලේ ආපනශාලාවෙන් මිලදී ගත් චොක්ලට් එකක තිබී මෙය සොයාගත් බවයි වාර්තා වන්නේ. අප වාර්තාකරු සඳහන් කළේ අදාළ නිලධාරිනිය මේ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණිලි කර ඇති බවයි.

එහිදී සිදු කළ පරීක්ෂණයකදී එය නියපොත්ත සහිත මිනිස් ඇඟිල්ලක මුල් පුරුකක් බවට තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂක චාමින්ද රත්නායක පවසා තිබෙනවා. ඒ අනුව අදාළ ඇඟිලි කොටස සහ එය තිබු බව කියන චොකලට් එක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තම භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලබන සඳුදා (07) මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *