Fri. May 17th, 2024

වැට් බදු සංශෝධනය සමග වෙළෙඳපොළේ සාරි මිල ගණන්ද ඉහළ ගොස් තිබේ. සාරි සඳහා 15% ක වැට් බද්ද අය කරනු ලැබූ අතර, එම බදු ප්‍රතිශතය මේ වනවිට 3%කින් ඉහළ දමා ඇත.

ඒ අනුව, නව වැට් බදු සංශෝධනයද සහිතව රුපියල් 2500 ක සාරියක් සඳහා රුපියල් 450 ක්ද, රුපියල් 6990 ක සාරියක් සඳහා රුපියල් 1260 ක්ද, රුපියල් 12,499 ක සාරියක් සඳහා රුපියල් 2,250 ක්ද වශයෙන් වැට් බදු අය කෙරේ.

වැට් ප්‍රතිශතය ඉහළ යාමත් සමග රුපියල් 2499 ක සාරියක් සඳහා වැට් බද්ද වැඩිවී ඇත්තේ රුපියල් 75 ක් පමණක් බව ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි. එරන්ද පැවසුවේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *