Fri. May 3rd, 2024

සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ දහය ලබාදීමට පෙර අඩුආදායම්ලාභී එක් අයකුගෙන් රුපියල් සීයක මුදලක් අය කර ගත් බව දිඹුලාගල මනම්පිටිය අඩු ආදායම්ලාභීහු චෝදනා කරනවා.

එම මුදල ලබා නොදීමට අපොහොසත් අයට සහල් කිලෝ දහයක ප්‍රමාණය නොලැබෙන බවට දැනුම් දුන් බවට අඩු ආදායම්ලාභීහු ප්‍රකාශ කළා.

අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම අරමුණු කරගත් සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල සහ වැලිකන්ද යන කොට්ඨාසවල අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ දහයක ප්‍රමාණයක් ලබාදීමේ වැඩසටහන 21 වෙනිදා ආරම්භ කෙරුණා.

මේ පිළිබඳව 207 වසම බාර සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයාගෙන් ජාතික පුවත්පතක් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කර වත්තේ සමෘද්ධිලාභීන් කුඩා ගම්මාන රැස්වීම්වලට සහභාගි නොවීම නිසා මාස පහක මුදල් එලෙස කුඩා ගම්මාන සමිතියේ මගින් එකතු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ පිළිබඳව සමෘද්ධි කුඩා ගම්මාන සමිතියේ සභාපති ජී.පි. තුෂාරි මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන අවුරුදු උත්සවයට සහභාගි වන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා එවැනි මුදලක් එකතු කරන බවයි. පසුව අප මේ පිළිබඳ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් එස්.එම්. අල් අමින් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කර ඇත්තේ එලෙස සහල් ලබාදීමේදී මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත්, සත පහක්වත්, එකතු කිරීමට උපදෙස් ලබා නොදුන් බවත්, එලෙස මුදල් එකතු කරන්නේ නම් ඒ පිළිබඳ ලිඛිතව දැනුවත් කළහොත් ඔවුනට විරුද්ධව නීතිමය පියවර ගැනීමට තමන් සූදානම් බවත්ය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *