අරගල ප්‍ර-හාරයට එල්ල වී වසර 2යි.

‘ගෝඨා ගෝ ගම’ ට සහ ‘මයිනා ගෝ ගම’ ට එල්ලවූ ප්‍රහාරයට අද (09) වන විට වසරක් සපිරෙනවා.

එය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් අඳුරු දිනයක් බවට පත්වුයේ මුලිකවම ගාලුමුවදොර අරගල භූමියේ සිටි සාමකාමී විරෝධතාකරුවන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයක් නිසාවෙනි.

ගාලු මුවදොරින් ආරම්භ වූ එම ප්‍රචණ්ඩත්වයට එරෙහි ප්‍රතිප්‍රචණ්ඩත්වයක් රටපුරා ව්‍යාප්ත වීමට වැඩි වේලාවක් ගත නොවූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ද දිවි අහිමිවුයේ ඛේදනීය සිදුවීමකිනි.

ප්‍රකෝපකාරී පිරිස් විසින් පහරදීම හේතුවෙන් මැති ඇමතිවරුන්ගේ නිවාස ඇතුළු දේපළ රැසකට හානි සිදුවී ඇති අතර මේවන විට ඔවුන්ගෙන් අති බහුතරයකට රජයේ වියදමින් හානිපූර්ය කර තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *