Author: Paththare Digital


  • නැති වූ බෑගය සොයා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 15ක්.

    ශ්‍රී ලංකාව පිළිබඳව සංචාරක වීඩියෝවක් කිරීම සඳහා මෙරටට පැමිණි එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20,000ක පමණ වටිනා දේපල අඩංගු බෑගයක් කිසිවෙකු විසින් පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පලේ බස් රථයකින් සොරකම් කර තිබෙනවා. එම බෑගය තුල ලැප්ටොප් පරිගණකයක්, කැමරාවක්, බැංකු කාඩ්පත් හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රයද තිබී ඇති බවයි පිටකොටුව පොලීසිය පවසන්නේ. එම බෑගය සොයා දෙන්නෙකුට හෝ…

  • පැල්මඩුල්ලේ බස් අනතුරක්. 27 ක් රෝහල්.

    කොළඹ ඇඹිලිපිටිය සහ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය පසුකර මිටර් පන්සියයක් දුරින් පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන් අද අලුයම අනතුරක් සිදු වුණා. එහිදී පුද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළිමෙන් හේතුවෙන් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඇඹිලිපිටියේ සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක්…

  • ආණ්ඩුවට ගත් “අගුලානේ කුඩු සනාගේ” කෝටි තිහකට වැඩි දේපළ.

    ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බන්ධනාගාර ගතව සිටින “අගුලානේ කුඩු සනා” නැමැත්තාට අයත් උපයා ගත හැකි ආකාරය දැක්විය නොහැකි වූ හොරණ කෝරළඉම සහ මොරොන්තුඩුව කුඩා ගෝණදූව ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි තිහකට වැඩි වටිනා දේපල අධිකරණය නියෝග මත පවරා ගැනීමට කටයුතු කල බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් පිලිබද විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකය පවසනවා.…

  • සේප්පු කඩා “කෝටි ගණන් උපයා” සැපගත් තරුණයා.

    වෙන්නප්පුව අංගම්පිටිය සමූපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පුවක් කඩා රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් හා මුදල් සහ ජා ඇළ කණුවන ප්‍රදේශයේ සමූපකාර ග්‍රාමීය බැංකුවක සේප්පුව කඩා රුපියල් කෝටි දෙකකට ආසන්න රන් ආභරණ සහ මුදල් සොරා ගෙන ගිය බව කියන තරුණයෙක් බස්නාහිර උතුරු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගනු…

  • චෝදනා රැසයි – ලංකාව කබඩි තරග දෙකත් පරදී.

    බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු කුසලාන කබඩි තරගාවලියේ පළමු තරග දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා. ඒ කෙන්යාව සහ තායිලන්තය හමුවේයි. බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු කුසලාන කබඩි තරගාවලියේ අඛණ්ඩව සිය දෙවන පරාජය ද ලැබීමට ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමට සිදු විවුණා. ඒ, තායිලන්තය හමුවේ ලකුණු 41ට 17ක් ලෙස පරාජය වීමත් සමගය. ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයද කෙන්යාව හමුවේ…

  • පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්තය හමුවේ ලංකාව පරදී.

    20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම හමු වේ. අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු…

  • අදත් තද වැසි – සුළං තත්ත්වයත් වැඩියි: අද කාලගුණය.

    සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.…

  • අනියම් බිරිඳෑවරු දෙදෙනා සමඟ එක්ව බිරිඳ #මැරූ සැමියෙක්.

    ළිඳකට පැන සියදිවි හානි කරගත් බව කියන කාන්තාවගේ මරණය ඝාතනයක් බවට තහවුරු වීමෙන් පසු ඇයගේ සැමියා ඇතුලු තිදෙනෙක් මුල්ලියාවලෙයි පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුලතිව්, මුල්ලියාවලෙයි, බූටන්වයල් ගම්මානයේ කාන්තාවක් ළිඳකට පැන සියදිවි නසා ගත් බවට ඇගේ සැමියා පොලිසියට ප්‍රකාශ කර ඇත. වව්නියාව, ආච්චිපුරම් ගම්මානයේ පදිංචිව සිටි 23 හැවිරිදි එස්. සුදර්ශනී නැමැති කාන්තාව මුලතිව්…

  • රනිල්ගේ නිවස ගිනි තැබූ බවට සැක කරන තවත් අයෙක් හසුවේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි වකවානුවේ ඔහුගේ කොල්ලූපිටිය පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නවුත්තුඩුව කිරන්තිඩිය ප්‍රදේශයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින්අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු ගුරුවරයකු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අරගල සමයේ ඉකුත් මැයි මස 9 දින රාත්‍රියේ අරගලකරුවන් පිරිසක් විසින් රනිල්…

  • ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද.

    20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද (28) පැවැත්වෙනවා. නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර දෙවන පුහුණු තරගය ලබන සිකුරාදා අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත් වෙනවා. 20යි 20…